කුණු කොල්ලෙන දුන් හම්බන්තොට වරාය ආපසු ගන්න හැටි දන්න කෙනෙක් කියයි..
April 2, 2019 at 1:20 pm | lanka C news
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතිත්වය දරණ වියත්මග සංවිධානය විසින් පවත්වනු ලබන ‘රට සහ හෙට’ සම්මන්ත්රණ මාලාවේ පළමු වැන්න බියගම සනාරා පිළිගැනීම් ශාලාවේදී පවැත්විණි.
මෙම සම්මන්ත්‍රණයේදී වරාය අධිකාරියේ හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා පල කල අදහස් මෙසේය.
භෞමික සම්පත් සංවර්ධනය නැතිව රටක සංවර්ධනයක්, දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැහැ. විදේශ විනිමය, සංචාරක කර්මාන්තය, අපනයනය දියුණු වෙන්නේ එවිටයි. මීට වසර 1500 කට පෙර ස්වයංපෝෂිත රටක් තිබුණේ. එවැනි පෞඪ ඉතිහාසයකට උරුම කියන ජාතියකට අද අත්ව තිබෙන ඉරණම කුමක්ද? ලෝකයේ සෑම රටක්ම දියුණු වෙලා තිබෙන්නේ රටකට අවශ්‍ය සංවර්ධනය වෙලා තිබූ නිසයි. අපි පුංචි රටක්. නිසි භෞමික සම්පත් සංවර්ධනයක් අද නැහැ. අධිවේගී මාර්ග සංවර්ධනයට රටේ ආර්ථිකයට බලපානවා. අද මාතර සිටත් කොළඹ රාජකාරි සඳහා එන අයත් ඉන්නවා. එදා සංවර්ධන ව්‍යාපෘති කරන විට නොයෙක් විවේචන එල්ල වුණා. ව්‍යාපෘති රටකට අවශ්යි. ඒවා නියම වටිනාකමකට කිරීම වැදගත්. ව්‍යාපෘතිවලින් වසරකින් දෙකකින් ලාභ ලබන්න බැහැ. දීර්ඝ කාලීන ප්රතිලාභ දෙන ව්‍යාපෘති විනාශ කළොත් එහි ප්‍රතිඵල ලැබෙන්නේ අනාගත පරපුරටයි.
අද රටේ සියලූම ඛණිජ සම්පත් පෞද්ගලීකකරණය කරනවා. මේ ආණ්ඩුව ඒවා විකුණලා එදා වේල හොයා ගන්නවා. රාජ්‍ය යාන්ත්‍රණය කඩාවැටිලා. දේශීය ආයෝජකයන් ආයෝජනය කරන්නේ නැහැ. විදුලිය, ජලය රටක සංවර්ධනයට ඉතා වැදගත්. ඒවා ක්‍රියාත්මක කිරීමට වැඩපිළීවෙළක් සකස් කළ හැකි නායකයෙක් අවශ්‍යයි. එවැනි නායකයෙක් බිහි කිරීමට ඉතා වැදගත්. ඔහු පිටුපස යන කණ්ඩායමක් හදාගන්න පුළුවන්කම තිබෙනවා. එහිදී මේ රට සංවර්ධිත රටක් බවට පත් කිරීමට හැකියාව තිබෙනවා.
– Viyathmaga Media
පලයන් බන් යන්න
ai puthe uba asaida kaluware inna..inna gaman lamayek wath hadapan
මහින්ද රාජපක්ෂගෙ පිරිහීමට එක් හේතුවක් තමයි වරාය සභාපති හැටියට එම යුගයේ කටයුතු කළ ප්‍රියන්ත බන්දු වික්‍රමගේ දූෂිත වැඩ පිළිවෙල. මොහු ජාත්‍යන්තර මුහුදු ප්‍රවාහන කටයුතු සමිබන්ධයෙන් මෙලෝ හසරක් නොදැන සිටියදී වරාය සභාපති හැටියට පත්කළා. දීර්ඝකාලයක් එම ධූරය දරමින් වරාය විනාශකර මහා ධනවතෙක් උනා.
මෙවැනි අයගෙන් රාජපක්ෂලා ප්රවෙිශමි උනොත් හොඳයි.
This gentle man is the one who sold the Colombo South port to Chnina. He chat the entire cabinet including the President Rajapaksha
මෙයා අර හොරා කාලා සල්ලි හම්බ කෙරුවේ කොහෙන්ද කියල පෙන්නන්ඩ බැරි උන කෙනානේ!
ප්‍රියත් බන්දු වික්‍රම මැතිතුමනි ඔබ තුමා කියන කථාව සත්‍ය බව පැහැදිලියි. නපුංසක රනිල් වික්‍රමසිංහ මේ රට විනාශ කලයුතුයි කියන අධිෂ්ඨානයෙන් වැඩකළ බව අපි දන්නවා. තමුන්ට අනාගතයක් නැති නිසා අපටත් අපේ දරුවන්ටත් අනාගතයක් නැති කරනවා. මහින්ද සහ ගෝඨාභය සංයුක්ත රජයක් 2020 ආරම්භයේදී බලයට එනවා සහතිකයි. නමුත් නව රජය මේ රට විනාශ කල වැරැද්දට නීතියෙන් දඬුවම් නොකලොත් ජනතාව මහින්ද සහ ගෝඨාභය මතිතුමන්ටත් අද අතිශයින් ආදරේ කරනවා වගේ නියත වශයෙන් කෙලගසනු ඇති. අනාගතයේදී අපට නිදහසට කරුණු නොකියා ජනතාව බලාපොරොත්තුවන අරමුණ ඉටු කරන්න. ඔබතුමාලා සියලුදෙනාම ජනතා ආදරය ඉදිරියටත් ආරක්ෂා කරගන්න. ඒ සඳහා දේවාශිර්වාදය ලැබේවා!
මෙන්න දේශද්රෝයියෙක් හඳුණාගන්න. සුද්දට කොන්ද නමන