කුණු පිරුණු බේරේ වැව හැඩවැඩ වෙයි… ‘පාවෙන තෙත් බිම්’ දහසක් වැව මැද..

December 21, 2021 at 6:20 pm | lanka C news
කුණු පිරුණු බේරේ වැව හැඩවැඩ වෙයි… ‘පාවෙන තෙත් බිම්’ දහසක් වැව මැද..

බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම අද (21) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ.

අවිධිමත් නාගරීකරණය, කොළඹ නගරය තුළ පිහිටි අපජලවාහිනී පද්ධති නිසි ලෙස යාවත්කාලීන නොවීම හේතුවෙන් බේරේ වැව අපවිත්‍ර වී තිබේ. එහි ජලය පවිත්‍ර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතාගේ උපදෙස් පරිදි පාවෙන තෙත් බිම් වැඩසටහන අත්හදා බැලිණ.

පීවීසී බට, උණ බට, ෆෝම් මෙට්ට පාවෙන ආධාරක ලෙස යොදාගනිමින් කැනාස්, සැවැන්දරා සහ හෙලිකෝනියා වැනි ශාක රෝපණයෙන් ජල පවිත්‍රකරණය සඳහා කළ පරීක්ෂණය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇතැයි පරිසර විද්‍යාඥ රනෝෂි සිරිපාල මහත්මිය පෙන්වා දෙයි.

පාවෙන තෙත් බිම්වල අන්තර්ගත ශාක මගින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරාගැනීම සිදු වේ. එමගින් ජලයේ ඇති ඇල්ගී ප්‍රමාණය අඩු වී ජලය පවිත්‍ර වීම, දුර්ගන්ධය පහව යාම, ජලය මත යැපෙන ජීවින් සඳහා වාසස්ථාන සැපයෙමින් පාරිසරික සමබරතාවයක් පවත්වාගෙන යාම සිදු වේ. ජලය මතුපිට අලංකරණය ඉන් ලැබෙන තවත් ප්‍රතිලාභයකි.

මැසි මඳුරු උවදුර හේතුවෙන් ඇතිවන ලෙඩ රෝග පාලනය සඳහා වක්‍ර මෙහෙවරක් මෙමගින් අපේක්ෂා කරන අතර අදාළ ජල ප්‍රදේශය තුළ මත්ස්‍ය ඝණත්වය ඉහළ නැංවීම වැනි ප්‍රතිලාභ රැසක් ඉතා සුළු පිරිවැයකින් ළඟා කර ගත හැකි බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති එම්.ආර්.ඩබ්.ඩී. සොයිසා මහතා පෙන්වා දෙයි.

රාජ්‍ය අමාත්‍ය මොහාන් පී. ද සිල්වා, කොළඹ මහනගර සභාවේ නාගරික ‍කොමසාරිස් රෝෂිනි දිසානායක, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සාමාන්‍යාධිකාරී ශ්‍රීමති සේනාධීර, ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය එන්.එස්. විජේරත්න යන මහත්ම මහත්මීහු සහ ඉඩම් සංවර්ධන සංස්ථාවේ නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

48,846 views

32 Comments to “කුණු පිරුණු බේරේ වැව හැඩවැඩ වෙයි… ‘පාවෙන තෙත් බිම්’ දහසක් වැව මැද..”

  1. Strong baiyas says:

    Instead of getting involved in this kind of petty things better if can focus his attention on improving foreign reserves at a time when the country is badly in need of them. This is the only thing he can do now to regain his lost image.

    • හසිත says:

      නොදන්නා මගුල් කියවන්න එපා මොඩයෝ.විශාල ලෙස ජල දූශනය තිබුනු චීනයේ ජලාශ මඩ වගුරූ ගංඟා වල තිබූ පාරිසරික /ජල දුශනය සාර්ථකව අඩුකරගත්තෙ මේ ක්‍රමයෙන්

  2. Ruhdtug says:

    Eththa.. me magul karanna one kevata bivvata passe.. get the priorities sorted! Kiyana deyak ahanneth ne piliganneth ne.. stubbornness has made the downfall..

  3. Kumudika says:

    රටක් පාලනය කියන්නෙ එක කාරණයක් නෙවෙයි.එදා මහින්ද යුද්ඩදෙ කරනගමන් රටත් දියුනු කලා .ගෝටාභය කරන්නෙ ඒකයි .මහා කොරෝනා කාලෙත් මහාමාර්ග යටිතල පහසුකම් දියුනු කලා.හෙම දෙයක්ම සමගාමීව යන්න ඔනා .එකක් කරලා තව එකක් කරනවා කොයන්නෙ මහාමෝඩ කතාවක්

  4. අරෙහෙ මී,බක් මී සිය ගනන් කපනව jogging Track වලට. ඒව නොදැක්ක වගෙ ඉන්නව. මෙහෙ කැනාස්, හෙලිකෝනියා දහසක් වවනව. එක හොඳ හුලඟකට ඕව මුල්ලෙ තියෙයි.

  5. බොච්චන් says:

    වටේ ඉන්න හොර තක්කඩි ගෙනාපු තවත් ගැහිල්ලක් වෙන්න බැරිද?

  6. lol says:

    I am not sure, President of the country needs to oversee these tasks at this point as country is going through an unavoidable bankruptcy. Again showing the unprofessionalism for the top job as he needs to focus on more critical issues at this last tenure.

  7. Prasad says:

    A biggest national issue we are facing currently has been solved. Sri Lankans in a very much happy life……

  8. සෙනෙවිරත්න says:

    කොළඹ නගරෙ අලංකාර කලා කියල බලය ඉල්ලුව රටම හදන්න. රටම මළ ගෙදරක් වගේ .මෙයා දෙකයි පනහෙ වැඩ කරල චූන් වෙනව.

    • අනේ ගොනෝ says:

      රට නෙමෙයි ගොනෝ කොරෝනා වසන්ගතෙන් ඇතිවූ තත්වයෙන් උද්ධමනය ඉහල යාමත් සමග මුලු ලෝකෙම මලගෙදරක් වගේ තමයි. ලිංගෙම්බො හිතන්නෙ මේක අපේ රටට විතරයි කියලා.

  9. Kasun Perera says:

    රට පෙරලුනත් මූ ආතල් එකෙ..පිස්සු පම්කයා

  10. මම 69 න් එකෙකී. says:

    හැම දෙයක්ම විවේචනය කරමින් බලය සදහා බලාපොරොත්තු තබා වැඩ කරන හැම එකාම,බලයට පත් මොහොතේ සිට සාමාන්‍ය ජනයා ගේ
    බලාපොරොත්තු එකින් එක විනාස කරන ක්‍රමයක් තියෙන්නේ.
    තාම ජෙවීපී විතරයි ආවේ නැත්තේ.උන් ආවත් අනිත් එවූන් කරන්න දෙන්නේ නැහැ. හැම එකාටම ඕන කෙටි මාර්ග හරහා සල්ලි හොයන්න. උඩ ඉඳන් පහලට හැම එකාම හොරකම් කරලා ජීවත් වෙන්න හදන නරුම රටක් මේක

    • Kushan says:

      69න් නෙමෙයි. කෙලින්ම කියපන් “මම ජෙප්පන්ගෙන් එකෙකි” කියලා.ජෙප්පො ඔච්චර හොඳ නම් උන් එකතු වෙලා හදපු ජඩ පාලන ආණ්ඩුව කාලෙ (ලප අනුරයා වික්කමසින්හයා එක්ක FCID මගුලක් අටවන් එදා විපක්ශෙ අය හිරේ යවන්න දැඟලුවා මිසක්) කරපු එක හොඳ දෙයක් කියහන්කො රට වෙනුවෙන්. මොකෝ ඒකාලෙ මේ තරම් තෙල් මිල වැඩි උනා කියලද ?කොරෝනා තිබුනයි කියලද? නෑනෙ. පත්වෙන ආණ්ඩුවල කකුලෙන් ඇදලා රටේ දියුණුවට අකුල් හෙලන කුහක ජෙප්පන් අපිට නම් එපා එපාමයි.

Main News