කුණු ප‍්‍රශ්නයෙන් ආණ්ඩුව සියදිවි නසා ගන්නවා..- අගරදගුරු අනාවැකියක් කියයි..

April 24, 2017 at 3:00 pm | lanka C news
කුණු ප‍්‍රශ්නයෙන් ආණ්ඩුව සියදිවි නසා ගන්නවා..- අගරදගුරු අනාවැකියක් කියයි..

මහජනතාව බියගන්නවා බලපෑම් කර කුණු කසළ ප්‍රශ්නය විසඳීමට යැමෙන් රජය සිය දිවි හානි කර ගැනීමක්‌ සිදුකරගන්නා බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ප්‍රකාශ කළහ.

එහිදී කාදිනල්තුමා මෙසේ ද පැවසූහ.

‘ජාඇල ඒකලට කුණු දාන්න හැදුවා. ඒකට අපි විරෝධය පළ කළා. ඒ ප්‍රශ්නය නතර කළා. දැන් ආයෙත් මේ කුණු ප්‍රශ්න ඇතිවුණා. මුතුරාජවෙලට කුණු කසළ දැමීමට යැමෙන් සිදුවෙන්නේ ජලය අපවිත්‍ර වීමයි. පරිසරයත් විනාශ වෙනවා. රජයටත් මේ පිළිබඳව සාධාරණ ප්‍රශ්න තිබිය හැකියි. ඒත් ඔය කුණු කසළ ප්‍රශ්නය විසඳිය හැක්‌කේ එක එක්‌කෙනාගේ පෞද්ගලික මතය අනුව නොවේ. ප්‍රදේශයේ ජනතාව රැස්‌ කර ඒ ගැන අදහස්‌ විමසලා කිසියම් එකඟතාවයකට පත්විය යුතුයි. ජනතාව මේ රජය බලයට පත්කළේ රජය කෙරෙහි තබා තිබූ දැඩි විශ්වාසය මතයි. නීතිරීති පනවා බලපෑම් කර මේ විදිහට ක්‍රියා කිරීමට යැම සුබවාදී නැහැ. එය රජය විසින්ම සිය දිවි හානිකර ගැනීමක්‌ හා සමානයි. ජනතාව සමඟ සාකච්ඡා කර මේ ප්‍රශ්නය විසඳිය යුතුයි. කුණු කසළ ප්‍රශ්නය වෙනුවෙන් මා කතා කරන්නේ ජාඇල හෝ ඒ අවට පළාත් කීපයක්‌ සඳහා නොවෙයි රටේ සෙසු පළාත් වෙනුවෙන්’

– දිවයින

23 views

24 Comments to “කුණු ප‍්‍රශ්නයෙන් ආණ්ඩුව සියදිවි නසා ගන්නවා..- අගරදගුරු අනාවැකියක් කියයි..”

  1. sisira says:

    ආගම අනුව ප්‍රකාශය හෙලාදැකීම නින්දිතයි

  2. Nuwan says:

    ජාතික ප්‍රශ්නයකදී මෙසේ ඉදිරිත් වීම අගයකළ යුතුයි ආගම ගැන හිතා මඩ කතා එපා
    කෝ නුවර කට්ටිව කටවත් ඇරියද
    මෙහෙම විවසනයත් වෙලත්
    එයාලට කට අරින්න දේශපාලුවෙක් එතනට ගියෙත් විතරයි

Main News