කුණු ලොරිවලට ඉන්ධන නෑ.. කසල තැන තැන ගොඩගැසේ…

March 6, 2022 at 1:20 pm | lanka C news
කුණු ලොරිවලට ඉන්ධන නෑ.. කසල තැන තැන ගොඩගැසේ…

කසල එක්රැස් කරන රථ සඳහා ප්‍රමාණවත් ලෙස ඉන්ධන ලබා ගැනීමට නොහැකි වීම මත බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන රැසක කැළි කසළ ඉවත් කරගැනීමට අඩපණ වී තැන තැන කසල ගොඩගැසී තිබේ.

මෙම ලොරි රථවලට ඉන්න සපයා ගැනීමට නොහැකි වීම මත කසළ එකතු කිරීමද අඩපණ වී ඇත.

ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන ලබා ගැනීමට දිගු පෝලිම්වල සිටීමට සිදු වීම නිසා කසළ එකතු කිරීමට යාමේ යම් ප්‍රමාදයකට මුහුණදීමට සිදුව ඇතැයි බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය ද සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාවේ දෛනිකව කසළ මෙට්‍රික් ටොන් 500ක් පමණ එකතු වන අතර ඒවා ඉවත් කිරීමට ලොරි 80ක් පමණ යොදවා ඇත.

7,688 views

4 Comments to “කුණු ලොරිවලට ඉන්ධන නෑ.. කසල තැන තැන ගොඩගැසේ…”

  1. Dp says:

    මේවා තමයි අත්‍යවශ්‍ය සේවා.. මේවාට පොලිම් මොකටද. පාර්ලිමේන්තුවේ අපේ සල්ලි වලින් පිනට කන්න යන මැති ඇමැතිවරුන්ට තියෙන අත්‍යවශ්‍ය සේවා අවස්ථාව කුණු ලොරි වලට නෑ. එකත් ‘ ස’ ගෙන් අහන්න වෙයිද?

  2. 3% ට බය බයියා. says:

    වරිපනම් ගෙවන ජනතාව කුණු ටික මිරිහානට ගෙනත් දමන්න.

  3. John the baptice says:

    වසර 74ක අබ්මානය.තුක් නොදකින්

    • wimalasena H.D. says:

      menna bolaw rajapassalaage visikkoraapu urukatu sooppukorana catholica urek, katu nethuwa kunu bakkiyata
      atha damaa hewwath hambawuna nethi hinda, oroppuwelaa pissuwe indee.

Main News