කුප්පියාවත්ත සුසාන භූමිය කොරෝනා මෘතදේහ භූමිදානයට සුදුසුයි.. භූගත ජල මට්ටම පහලයි..

March 1, 2021 at 10:26 pm | lanka C news
කුප්පියාවත්ත සුසාන භූමිය කොරෝනා මෘතදේහ භූමිදානයට සුදුසුයි.. භූගත ජල මට්ටම පහලයි..

දෙමටගොඩ කුප්පියාවත්ත සුසානභූමිය කොරෝනා මෘත දේහ භූමිදානය සඳහා සුදුසු බව පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් නිර්දේශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

එම ප්‍රදේශයේ භූගත ජල මට්ටම මීටර් දෙකහමාරකට වැඩි පහලින් ඇතැයිද නිර්දේශය වල ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

මරදාන පල්ලිය විසින්ද කොරෝනා මෘතදේහ භූමදාන සඳහා ස්ථානයක් ලබා දීමට සූදානම් බව දන්වා ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

එසේ තිබිය දී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෘතදේහ භූමදානයට තවත් කල් මරමින් සිටින බවට ඔහු චෝදනා කලේය.

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

29,942 views
Main News