කුමන්ත්‍රණ මැද වසර අවසන් විට “සුවසැරිය“ මුළු රටටම
October 21, 2018 at 4:40 pm | lanka C news
1990 සුවසැරිය ගිලන් රථ සේවය දේශපාලන පක්ෂ පාට, ජාති, ආගම් බේදයකින් තොරව මෙරට සියළුම ජනතාවට සේවය සැලසීම සඳහා කැපවී තිබෙන බවත් මේ වසර අවසන් විට මෙම උතුම් සේවාව දිවයින පුරාම ව්‍යාප්ත කර අවසන් කරන බවත් සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා හලාවත නගරයේදී පැවසීය.
ඔහු මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේ මෙම සේවාව අගෞරවයට පත්කිරීමට තවමත් ඇතැම් පිරිස් කුමන්ත්‍රණය කරමින් සිටින බවත් ඒවා පරාජය කිරීම සඳහා තමා සමග අත්වැල් බැඳගන්නා ලෙසයි.
ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ආමාත්‍ය සහ සුවසැරිය ගිලන් රථ සේවයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම අදහස් පැවසුවේ මෙම ගිලන් රථ සේවය වයඹ පළාතේ දියත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි. සුවසැරිය ගිලන් රථ සේවයේ ගිලන් රථ 31 ක් පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් මේ වනවිට සේවයේ යොදවා තිබේ.
මෙම ගිලන් රථ සේවය පුත්තලම දිස්ත්‍රික්කයට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට හඳුන්වාදීම පසුගියදා එහි නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර හලාවත නගරයේ පැවති උත්සව අවස්ථාවට ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
කුලියාපිටිය නගරයේ පැවති උත්සවයද මෙම ගිලන් රථ සේවයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එම උත්සව අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා, නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.
1990 සුවසැරිය ගිලන් රථ සේවය මේ වනවිට දකුණ, බස්නාහිර, උතුර, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වල ක්‍රියාත්මක කර තිබෙන අතර මේ වනවිට මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරමින් සිටී.
“දේශපාලන බේදයකින් තොරව මේ වැඩේ කරන්න ලැබීම අපි සලකන්නේ පිනක් විදිහටයි. මේ ගිලන් රථයක ඇතුළත බලන්න. ක්ෂුද්‍ර රෝහලක් වගෙයි. සියළුම පහසුකම් තියනවා. අපි මේක හඳුන්වා දෙනකොට ඇතැම් පිරිස් අපිට චෝදනා කළේ හර්ෂ ද සිල්වාගේ ගිලන් රථවල නගින්න එපා. කරන්ට් වැදිල මැරේවි කියලයි. අපිට අද ඒ ගැන තරහක් නෑ. අද සත්‍ය හැමෝටම අවබෝධවෙලා තිබෙනවා.“
යනුවෙන් සුවසැරිය ගිලන් රථ සේවය කුරුණෑගල දිස්ත්‍රික්කයට හඳුන්වාදීම සඳහා පසුගියදා කුලියාපිටිය නගරයේ පැවති උත්සව අවස්ථාවට සහභාගී වෙමින් සුවසැරිය නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මෙම සේවාව ආරම්භ කළ 2016 ජූලි 29 වනා සිට මේ දක්වා 103955 දෙනෙකු රෝහල් ගතකර තිබෙන අතර මෙහිදී රෝගියෙකු රෝහල් ගත කිරීම සඳහා වැයකර තිබෙන්නේ විනාඩි 12 කුත් තත්ත්පර 54 ක සාමාන්‍ය කාලයකි.
– Harsha de Silva Media
වොක්ස් වැගන් කුලියාපිටියට එන බව ආචාර්ය හර්ෂ ද කියයි
http://www.emedia.lk/hot-news/1492/
රුපියල රැක ගන්න ජනතාවට රට යන්න එපා කියූ හර්ෂ ද තවත් මන්ත්‍රීවරයෙක් එක්කම සිංගප්පූරූ ගිහින්!
සුමිහිරි පානේ පාදමට ගහලා
https://www.youtube.com/watch?v=moxIxMT9EhQ
තාත්තෙක් වගේ ලෝකේ වටේ ගිහිල්ලා අපිට කෑම හොයන් එනවා අපේ රනිල් මහත්තයා. පිටරටින් මොන තරම් ආධාර නිකම්ම අර ගත්තාද?
ගිලන් රථ සේවයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කියලා උගේ මාධ්‍ය අංශය විසින් බොරු නමක හදා ගෙන. ඉන්දියාව ඕක දෙනකම් මූ දන්නේ වත් නැහැ. රනිල් අගමැතිතුමා නේද හොයාගෙන ආවේ ඕක.
සුවසැරිය අගනේය පිරිසිදුව හිතින්ම කරනව නම්
ජීවිත බේරලාම සුවදුකට සැමට පිහිට වෙනව නම්
අගනා සේවයක් මුලු රටේම පිලිසරණ වෙනව නම්
පතමි දීර්ඝායු දේශපාලු ලෙඩ බෝ නොවෙනව නම්
GMOA bastards, go to hell. we dont need u in this country.