කුමන දිවියෙක් පැන කම්කරුවෙක් බෙල්ලෙන් ඇදගෙන කැලේට ගොස් මරා දමයි..[Video]

April 20, 2019 at 10:00 am | lanka C news
කුමන දිවියෙක් පැන කම්කරුවෙක් බෙල්ලෙන් ඇදගෙන කැලේට ගොස් මරා දමයි..[Video]

ඊයේ දිනයේ දිවියෙකු පහර දීම හේතුවෙන් කුමන ජාතික වනෝද්‍යානය අසල සේවය කල පුද්ගලයෙකු මරණයට පත්ව ඇත.

වනෝද්‍යනය අසල කම්කරුවන් පිරිසක් සේවය කරමින් සිට දිවා ආහාරය ගෙන සිටියදී දිවියෙක් පැන කම්කරුවෙක් බෙල්ලෙන් සපාගෙන ඇදගෙන ගොස් තිබේ.

සුළු වේලාවකට පසුව වනජීවී නිලධාරීන්ද සමග කම්කරුවා සොයාගෙන ඇතත් ඒ වන විටත් ඔහු ජීවිතක්‍ෂයට පත්ව සිට ඇත.

එම අවස්ථාවේදීද සැගවී සිටි දිවියා ජීප් රථයේ රියදුරුට පහර දී ඇති අතර තුවාල ලත් රියදුරු රෝහල්ගත කර ඇත.

අදාල සිදුවීම වූ ප‍්‍රදේශය මේ වන විට සංචාරකයන්ට තහනම් කලාපයක් කර තිබේ.

27,035 Viewers

2 Comments to “කුමන දිවියෙක් පැන කම්කරුවෙක් බෙල්ලෙන් ඇදගෙන කැලේට ගොස් මරා දමයි..[Video]”

  1. Gayantha says:

    කෝ මේ සත්ව සන්විධාන !

    • tdr says:

      කියල වැඩක් නෑ පුදුම කැක්කුමක් තියෙන්නේ

Main News