කුමන මැතිවරනයකදී වුවද උතුරේ සහාය දීමට කොන්දේසි එල් දක්වයි..

August 29, 2019 at 8:02 am | lanka C news
කුමන මැතිවරනයකදී වුවද උතුරේ සහාය දීමට කොන්දේසි එල් දක්වයි..

ඉදිරියේදී ජනාධාපතිවරණයක් හෝ පලාත් පාලන මැතිවරණයක් පැවත්වෙන්නේද එම මැතිවරණයන් වෙනුවෙන් උතුරේ වැසියන් සහය ලබාදෙන පක්ෂයන් තොරාගත යුතු ආකාරය පිළිබඳව දැනුවත් කෙරෙන අත්පත්‍රිකා බොදා දීමේ වැඩසටහනක් මේ දින වල උතුරු පලාතේ දෙමළ ජනතා සන්ධානය නොහොත් ටී.එම්.කේ. පක්ෂය විසින් ආරම්භ කොට ඇත.

මෙම අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහන වෙනුවෙන් උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශස්වරන් මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් මහතා සහ ඊ.පී.ආර්.එල්.එෆ්. පක්ෂ නායක සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා ඇතුලු නියෝජිතයින් පිරිසක් එක්ව සිටියි.

සී.වී.විග්නේශ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් ටී.එම්.කේ. පක්ෂය විසින් මෙම අත්පත්‍රිකා ලබා දීමේ වැඩසටහන සංවිධානය කොට ඇති අතර උතුරේ ස්ථාන කිහිපයකම අත්පත්‍රිකා බෙදා දෙමින් ජනතාව දැනුවත් කොට සිටින්නේ ඉදිරියේදී කුමන මැතිවරනයක පැමිණියද දෙමළ ජනතාවගේ අනාගතය ගැන සිතා සහය ලබා දෙන ලෙසටය.

ජනාධිපතිවරනය හා පලාත්පාලන මැතිවරණය දෙකම තැබිය යුතු කාලය එලඹ ඇති හෙයින් කුමණ මැතිවරණයක් එලඹියද දෙමළ ජනතාවට යහපතක් සිදු කරන මෙතෙක් විසඳුමක් නොලැබුනු යුද්දයෙන් අතුරුදහන් වූවන්ගේ ගැටලුව, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම, සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් නිදහස් නොවීම, ඉඩම් ගැටලු ඇතුලු උතුරු නැගෙනහිර ජනතාවගේ මෙම ගැටලු වෙනුවෙන් විසඳුම් ලබා දෙන බවට සහතික වන පක්ෂයකට හෝ පුද්ගලයෙකුට සහය ලබා දීමට කල්පනාකාරී වන ලෙසට අදාල අත්පත්‍රිකා මගින් උතුරේ ජනතාව දැනුවත් කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4 views

9 Comments to “කුමන මැතිවරනයකදී වුවද උතුරේ සහාය දීමට කොන්දේසි එල් දක්වයි..”

  1. MD says:

    Oyage yojanawalata sahaya denne Rata pawadena aya tamai.Balaya ganna onama deyak karai.kola Ali,Ratu ali(sama Risi sahayath illana)

  2. නිළමේ says:

    සිංහලයිනි, එක්වව්! ගෝටාභය දිනවව්!! මවව්බිම බේරාගනිව්!!!

    • THE CITIZENS says:

      If we observe well, the minorities , especially Tamils enjoy more rights in our country than what the majority Sinhalese enjoys. They can live happily and do their businesses or professions freely in any part of the country , in addition to their children can have their education in any college or any university , where as the majority Sinhala people have deprived of living or doing businesses in Northern and Esatern provinces , mainly due these racialist politicians.The backless Sinhalese politicians also do not rectify that injustice, as they are more power greedy to get their votes. Be understood that though the Sinhala people are good enough to address their reasonable demands( if still if any), they are not prepared to execute their unreasonable , cunning demands ,which would lead to division of the motherland now or even in the very near future.

    • THE CITIZENS says:

      If we observe well, the minorities , especially Tamils enjoy more rights in our country than what the majority Sinhalese enjoys. They can live happily and do their businesses or professions freely in any part of the country , in addition to their children can have their education in any college or any university , where as the majority Sinhala people have been deprived of living or doing businesses in Northern and Esatern provinces , mainly due these racialist politicians.The backboneless Sinhalese politicians also do not rectify that injustice, as they are more power greedy to get their votes. Be understood that though the Sinhala people are good enough to address their reasonable demands( if still, if any), they are not prepared to execute their unreasonable , cunning demands ,which would lead to division of the motherland now or even in the very near future.

      • Nilame says:

        Well said, explained in detail about strategies and tactics being used by these North eastern cunning politicians, and as well as spineless,power greedy mainstream politicians in the south.

  3. sinha le says:

    හැඩි දෙමළු ලොව වටා කේලාම් කියමින් යමින් රටම පාවාදේ. නිරුපද්‍රිතව කොළඹ 07 ටම පැමිණ සුවසේ රාජ්‍ය ආරක්ෂාව යටතේ අපේ වියදමින් ජීවත් වේ. ලැජ්ජයි

  4. දෙමල ජනතාවට මොලේ තියෙනව නම් මේ අය ගැනත් සලකා බලන්න ඕනෙ. මේ අය මොනවද දෙමල ජනතාවට කරල තියෙන්නෙ. එන ප්‍රතිපාදනත් හරවල අරිනව. යමක් කලේ සිරිමාවෝ මැතිනියත් මහින්දත් විතරයි. ඒත් ඉතිං චන්දෙ මුන්ට. උන්ගෙත් අපෙත් කරුමෙ.

  5. charles says:

    Tamils in north and east are sick of your lies. Ask your children to divorce the Sinhala partners first. Used to live in Colombo and had a good life and asking poor people in north and east suffer. You will see in the elections how tamils will vote. Truth will come out sooner or later.

Main News