කුඹුරක පැලේ ඉද්දි ගැසූ අකුණින් ගොවීන් තුන්දෙනාම මිය යයි….

April 16, 2021 at 12:40 pm | lanka C news
කුඹුරක පැලේ ඉද්දි ගැසූ අකුණින් ගොවීන් තුන්දෙනාම මිය යයි….

මුලතිව් තන්නිමුරිප්පු ප්‍රදේශයේ පිහිටි කුඹුරක ඉදිකොට තිබූ පැලක සිටින අතරතුරදී ඊයේ (15) සවස අකුණසැර වැදීමකින් ගොවීන් තිදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි මුලතිව් පොලීසිය පවසයි.

අදාල ගොවීන් පිරිස කුඹුරේ ගොවිතැන් කටයුතුවල නිරත වෙමින් සිටින අතරවාරයේදී ඊයේ (15) සවස අකුණුසැරත් සමග ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් ගොවීන් තිදෙනාට ගොවිතැන් කටයුතු කිරීමට නොහැකි වී කුඹුරේ ඉදිකොට තිබූ පැලකොට ගොස් ඇත.

එහිදි එක්වරම ඇතිවූ අකුණසැරකින් ගොවීන් තිදෙනාටම අකුණුසැර වැදී ඇති අතර එම අවස්ථාවේදීම ගොවීන් තිදෙනා මිය ගොස් ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

වර්ෂාව නතරවීමෙන් පසුව අසල්වැසි තවත් ගොවියෙකු විසින් ගොවීන් තිදොනාට අකුණුසැර වැදීමෙන් පැලේ වැටී සිටිනු දැක ඒ බව පොලීසියට දැනුම් දෙනු ලැබීය.

මෙලෙස අකුණුසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ මුලතිව් කුමුලමුනෙයි බටහිර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 34 ක් වයසැති පී.සුවර්නන්, සහ 35 හැවිරිදි කනපතිපිල්ලෙයි මහුරන් සහ මුලතව් වට්ටාපලෙයි ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි යෝගලිංගම් සුජීවන් නැමති ගොවීන්ය.

මිය ගිය ගොවීන් තිදෙනාගේ මළසිරුරු මුලතිව් රෝහලට රැගෙනවිත් පශ්චාත් මරණපරික්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත් බවටද පරික්ෂණ සිදුකරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,249 views

6 Comments to “කුඹුරක පැලේ ඉද්දි ගැසූ අකුණින් ගොවීන් තුන්දෙනාම මිය යයි….”

  1. JOHN says:

    මුලතිව් වල වැඩියෙන් සිටින්නේ කොටි ත්‍රස්තවාදීන් ..ඒ කාලේ ඔවුන් කල අපරාධ වලට ස්වභාව ධර්මයෙන් දඩුවම් ලබා දීලා

    • Pushpa Kumara says:

      Asarana minissu marunama ohoma pahath katha kiyanna epa.

    • Senarath says:

      You are an ass hole….
      Show some respect to the dead once idiot

    • GU PUNDA SUMANTIRAMA & BALU VIGNESHWARAMA says:

      1. Yeak tama api kiwwe mekata army eka and Sinhalayo responsible
      2. Let us check these buggers are low cast or high cast, if low cast no problem.
      3. Yepi going to Jeneewa GSA Embassy and GUUK Embassy

  2. Asaranaya says:

    Amana minissu nisa , anaatha una rataka, asarana una minissu. Pawu.

  3. Sunil says:

    Hena gahanneth ahinska govinta. Deiyane hena gahapiya desapaluwanta.

Main News