කුඹුරට කෑම අරන් ගිය 11 හැවිරිදි දරුවාට අකුණක් වැදී මිය යයි…
November 20, 2017 at 5:30 pm | lanka C news
මන්නාරම මුරුන්ගන් ප්‍රදේශයේදී කුඹරක ගමන් කරමින් සිටි 11 හැවිරිදි දරුවෙකු අකුණසැර වැදීමෙන් ඊයේ (19) සවස මිය ගොස් ඇති බවට මන්නාරම් මුරුන්ගන් පොලීසිය කියා සිටියේය.
අදාල දරුවා කුඹුරේ වැඩ කරමින් සිටි අයට දහවල් ආහාරය රැගෙන යමින් සිටින අතර තුර පැවති වර්ෂාපතනය හමුවේ ඇති වූ අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇති බවට මුරුන්ගන් පොලීසිය කියා සිටියේය.
අකුණ සැර වැදීමත් සමග ප්‍රදේශවාසීන් එක්ව දරුවා මුරුන්ගන් ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමට පියවර ගත්තද ඒ වන විටත් දරුවා මිය ගොස් තිබුණි.
මෙසේ අකුණසැර වැදීමෙන් මිය ගොස් ඇත්තේ කට්ටෙයි අඩම්පන් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි නිත්‍යානන්දන් රස්කින්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
පවු පොඩි කොල්ල
නිවන් සැප ලැබේවා.
මම හිතන්නෙ ඒ පළාතෙ අයව
අකුණු ගැන දැනුවත් කරල නෑ