කුඹුරට ගිය ගොවියාගේ මළ සිරුර දින 03 කට පසුව ඇලකින් හමුවෙයි

April 14, 2020 at 2:20 am | lanka C news
කුඹුරට ගිය ගොවියාගේ මළ සිරුර දින 03 කට පසුව ඇලකින් හමුවෙයි

 කිලිනොච්චිය ස්කන්දපුරම් ප්‍රදේශයේ පිහිටි ඇලකින් අතුරුදහන්ව සිටි පුද්ගලයෙකුගේ මළසිරුරක් සවස හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.

මිය ගොස් ඇති එම පුද්ගලයා ගොවියෙකු වන අතර ඔහු පසුගිය 10 වනදා නිවසින් පටව ගොස් ඇතත් නැවත නොපැමිණීම හේතුවෙන් නිවසැයින් කිලිනොච්චිය පොලීසියට ඒ බව දන්වා ඇත.

කෙසේ වෙතත් කුඹුරට ගිය ගොවීන් පිරිසක් අදාල මළ සිරුර ඇලක තිබෙනු දැක ඒ බව ප්‍රදේශභාර ග්‍රාමසේවක මහතාට දැනුම් දී ඇති අතර පසුව ග්‍රාමසේවක මහතා විසින් ඒ බව කිලිනොච්චිය පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව අදාල ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් මළසිරුර කිලිනොච්චිය රෝහල වෙතට රැගෙන යාමට පියවර ගෙන ඇති අතර එම පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතරම කිලිනොච්චිය රෝහලේදී පශ්චාත් මරණ පරික්ෂණය සිදු කිරීමට නියමිතව ඇත.

මෙසේ මිය ගොස් ඇත්තේ කිලිනොච්චිය ස්කන්දපුරම් ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකු වූ 45 හැවිරිදි මාර්කණ්ඩු ජෙගදීස්වරන් නැමත්තෙකු බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

170 views