කුඹුරු අක්කර දහසකට වැඩිය ගවයන්ට කන්න අතහරී.. ගොවීන් අසරණව ගැටලු රැසක්…

February 1, 2018 at 2:06 am | lanka C news
කුඹුරු අක්කර දහසකට වැඩිය ගවයන්ට කන්න අතහරී.. ගොවීන් අසරණව ගැටලු රැසක්…

මන්නාරම මුසලී ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් කුඹුරු අක්කර 1100 කට ආසන්න ප්‍රමාණයකට ජලය නොමැති වීමෙන් ගොයම් විනාශ වෙමින් පවතින අතර ඇතම් ගොවීහු සිය කුඹුරු ගොයම ගවයින්ට කෑමට ඉඩහැර ඇත.

මෙවර මහකන්නයේ වී ගොවිතැන් වෙනුවෙන් වී වගාවට විවිධ කම්කටොලු හමුවේ සිදු කළද බලාපොරොත්තු නොවූ අයුරින් මේ වන තුරුතු වර්ෂාව නොමැති වීම නිසා සිය ගොයම් අස්වැන්න දිනෙන් දින විනාශ වෙමින් පවතින බවට මුසලී ගොවීන් කියා සිටිති.

ගොවීන් වැඩි දුරටත් කියා සිටින්නෙ නය වී ගොවිතැන් සිදු කළද ගොයම් විනාශ වී යාමෙන් තමන් තවත් ණය කරුවෙකු වන බවටත් සිදුව ඇති වනාශය වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක් හෝ තමන්ට ලබා දීමට අදාල බලධාරීන් කටයුතු කරන්නේ නම තරමක් හෝ අස්වැසිල්ලක් හිමිවන බවටයි.

මේ වන විට මන්නාරමේ කුඩා වැව්ද සියල්ලක්ම පාහේ සිඳීයමින් පවතින අතරම වැව් සිඳී යාමෙන් සාමාන්‍ය වැසියන්ද මහත් පීඩාවට පත්ව සිටින බවටද මන්නාරමේ ගොවීහු වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

99 views

One Comment to “කුඹුරු අක්කර දහසකට වැඩිය ගවයන්ට කන්න අතහරී.. ගොවීන් අසරණව ගැටලු රැසක්…”

  1. Pal says:

    Can anyone supply the link that MY3 said WASSANA KALO AYAN BADANTA…

Main News