කුරුණෑගල ඉපැරණි රජපිහිල්ල උද්‍යානය විනාශයි.. මණ්ඩපයත් කඩා දමයි.. මහ ගස් කපා දමයි..

January 3, 2021 at 10:40 am | lanka C news
කුරුණෑගල ඉපැරණි රජපිහිල්ල උද්‍යානය විනාශයි.. මණ්ඩපයත් කඩා දමයි.. මහ ගස් කපා දමයි..

කුරුණෑගල නගර මධ්‍යයේ ඇති පෞරාණික රජපිහිල්ල උද්‍යානය සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා විනාශ කර ඇතැයි චෝදනා එල්ල වෙයි.

මේ වන විට එම උද්‍යානයේ ඇති විශාල ගස් කපා බිම දමා ඇති බව නිරීක්ෂණය කළ හැක.

එම උද්‍යානය අදියර දෙකක් යටතේ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර එහි පළමු අදියර ලෙස පෞද්ගලික ආයතනයකට උද්‍යානයේ ඇති ගස් ඉවත් කිරීමට බාර දී ඇත.

එහි ගස් 28ක් ඉවත් කිරීමට සලකුණු සලකුණු කර තිබුණත් දැනටමත් ගස් 32ට ආසන්න ප්‍රමාණයක් ඉවත් කර තිබේ.

එමෙන්ම උද්‍යානයේ තිබූ වසර සිය ගණනක් පැරණි මණ්ඩපයක් ද මුළුමනින්ම කඩා දමා ඇත.

මේ සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා සඳහන් කළේ මාධ්‍ය හමුවක් කැඳවා මේ ගැන කරුණු පැහැදිලි කරන බවයි.

27,486 views

15 Comments to “කුරුණෑගල ඉපැරණි රජපිහිල්ල උද්‍යානය විනාශයි.. මණ්ඩපයත් කඩා දමයි.. මහ ගස් කපා දමයි..”

  1. Buddhadasa says:

    I think Gota has become Matta (fool) to allow this sort of things and destroy Kurunegala, in support of his henchman. He will be definitely a one time President

  2. උබලා අපි දාන කොමන්ට් දාන්නේ නැත්තේ ඇයි අපි කියන ඒවා වැරදියි ද ? කටාර් වල අපි

    • 1948 සිට මේ දක්වා අප රට පාලනය කරපු හැම පාලකයෙක් ම රටට කරපු දේ රට විකුණපු එක විතරයි මුන් එකෙකුටවත් රට හදන්ඩ කිසිම ප්‍රතිපත්තියක් තිබුනේ නෑ මුන් කවදත් ප්‍රතිපත්තියකට වැඩ කරන්නෙත් නෑ මුන්ට ඕනේ රට විකුනන් කන්න තම තමන්ගේ පරම්පරාව හදාගන්න රටට ආදරේ ක් එකෙක් වත් රටට බිහි වුණේ නෑ ඩී එස් සේනානායක ඉඳන් ගෝඨාභය රාජපක්ෂ වෙනකන් රට පාලනය කරපු නපුංසක පාලකයෝ රට විනාශ කරා අවුරුදු පහක් විපක්ෂයේ ඉඳගෙන කරන එකාට බැන බැන ඊට පස්සේ ආණ්ඩුවක් පිහිට ගෙන ඊට පස්සේ විපක්ෂ කරන බැන උන් කරේ මේකයි මුන් කරේ මේකයි දෙගොල්ලම බැන බැන අවුරුදු හැත්තෑ ගණනක් රට පාලනය කරා මොනවද මුන් අපේ රටට කරේ කාලකන්නි
      ජාතිවාදය කෝකටත් තෛලය උනා තොපි හැදි ගෑවිලා යන්න ඕන උපදින මතු සංසාරෙක මේ වගේ කාලකන්නි රටක නැවත උපදින්නට වාසනාව නො ලැබේවා කටාර් වල අපි

Main News