කුරුණෑගල කඩා ඉවත් කර ඇත්තේ බාර් එකක් නොවේ.. බුවනෙකබාහු රාජ සභා මණ්ඩපයේ කොටසක්..- පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්

July 19, 2020 at 11:20 am | lanka C news
කුරුණෑගල කඩා ඉවත් කර ඇත්තේ බාර් එකක් නොවේ.. බුවනෙකබාහු රාජ සභා මණ්ඩපයේ කොටසක්..- පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්

කුරුණෑගල නගර මධ්‍යයේ ඩෝසර් කර කඩා ඉවත් කර ඇත්තේ කුරුණෑගල රාජධානියේ රාජසභා මණ්ඩපය ලෙස හඳුන්වන ගොඩනැගිල්ලේ කොටසක් යයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා සඳහන් කරයි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ කමිටුවේ සභාපතිවරයා වන ඒ මහතා ඊයේ දිනයේ එම ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත මේ බව කියා සිටියේය.

සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ වාර්තාව ඉක්මනින්ම අග්‍රාමාත්‍යවරයා වෙත භාර දෙන බව ද ඔහු එහිදී පැවසිය.

කුරුණෑගල නගර සභාව විසින් ඉවත් කරන දමන දමන ලද කොටසේ ඇති බුවනෙකබාහු රාජ සභා මණ්ඩප ගොඩනැගිල්ලට සිදුව ඇති හානියක් නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ඇති හැකියාවත් ගැන තොරතුරු වාර්තාවට ඇතුළත් කරන බව ද ඔහු සඳහන් කළේය.

කුරුණෑගල නගරාධිපති වරයා විසින් පවසන පරිදි එහි වෙනත් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන යාමට නීතිමය බාධාවක් නැති බව ද පැවසූ ඔහු පුරාවිද්‍යා ස්ථාන බොහොමයක් රට පුරා විවිධ ව්‍යාපාර සඳහා දැඩි කොන්දේසි යටතේ ලබා දී ඇති බවද සඳහන් කළේය.

ඒවා නඩත්තු කිරීමට යන වියදම අබලන් තත්ත්වයට පත්වීම වළක්වා ගැනීම සඳහාත් කොන්දේසි යටතේ ව්‍යාපාරයක් පවත්වා ගැනීම සඳහා රට පුරා බොහෝ ස්ථානයන්හි පුරාවිද්‍යාත්මක ස්ථාන ලබාදී ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේය.

434 views

51 Comments to “කුරුණෑගල කඩා ඉවත් කර ඇත්තේ බාර් එකක් නොවේ.. බුවනෙකබාහු රාජ සභා මණ්ඩපයේ කොටසක්..- පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්”

  1. ලකිය says:

    බුල්ඩෝ සෑර්

    • ඉත්තෑවා says:

      හා හා..…. දළදා මාලිගාවට බෝම්බ ගහපු, කතරගම පෙරහැරට ගහපු ජෙප්පොන්ගෙ වැදි බණ අපට අවශ්‍ය නෑ. ජෙප්පො ගිහිල්ල අයර්ලන්තේ වැඩක් බලා ගනිල්ලා.

      • janaka says:

        මෙවන් බුද්ධිමත් මන්ත්‍රීවරුන්ගෙන් පාර්ලිමේන්තුවත් පිරවීමට අපේ බුද්දිමත් ජනතාවට ශක්තිය දහිරිය ලැබේවායි පතමි

        • Saman says:

          නගරාඩිපතියා ඉත්තෑවා කියල නමක් දාගෙන කමෙන්ට් කරනව. 😀

    • කවුද රජා says:

      බුවන‌ෙකභාහුත් රජ‌ෙක්ද ? රාජපක්ෂනේ රජා..
      රාජපක්ෂ රජානෝට වහල්ලුම කීයක් ඉන්නවද ? ප්‍රවේණිදාසයෝම කීයක් ඉන්නවද? බ‌ෙරවායෝ, රාජපස්ස සුද්ද කරන්න සට්ටම්බිරාළලාම කීයක් ඉන්නවද?
      බුවන‌ෙකභාහුව රාජපක්ෂගේ පැත්තකින්වත් තියන්න පුළුවන්ද..

  2. Sunil says:

    නගරාධිපති ගෙ දේපල රාජසන්තකයි.

    • ඉත්තෑවා says:

      නිවැරදි තක්සේරුවක් කරලා, වැරැද්ද කරපු උන්ගෙන් වන්දිය අය කර ගත යුතුයි.

  3. එරන්ද says:

    මම ඉස්කෝලේ ගියේ කූරුනෑගල.ඒ කාලේ මෙතන රෙස්ටොරන්ට් එකක් තිබ්බා. බුවනෙක කියලා.කිසිම පුරාවිද්‍යා ලාංචනයක් තිබිබේ නැහැ. මේකට මෙතෙක් සිටි සියලු නගරාදිපතිවරැ වග කිව යුතුයි. උන්ට ඕනේ සල්ලි විතරයි. මේක රෙස්ටොරන්ට් එකකට දුන්න නගරාධිපති අත්තඩංගුවට ගත යුතුය.තවත් නගරයේ ඇති මෙවන් ස්ථාන සෙවිය යුතුය.
    කෝට්ටේ කොන්තගංතොටට වු දෙයද වහා සොයා බලන්න.

    • Janaka from Matara says:

      ..එරංග උන්නැහේ, නුඹැහේ ඉස්කෝලේ ගියේ වත්ත අතුගාන්නදැයි සැක සිතේ.
      නුඹැහේ ගේ තර්කය අනුව අනාගත මහ පාරක් අසලම සභා මංඩපයක් සෑදීමෙන් බුවනෙකබාහු රජ තුමාද කර ඇත්තේ වරදකි.
      මෙතැන මේ මොහොතේ ඇසිය යුත්තේ: පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වා තිබියදී මෙසේ කලේ ඇයි? මෙය කරන්න මහ රෑ තෝරා ගත්තේ ඇයි? බිල්ඩිමක බාගයක් හරහා ඩෝසරයක් යැවූ විට ඉතිරි බාගය ඉතුරු වෙනවද​? අනවසරයෙන් කරන වියාපාර වලට දඬුවම් කල යුත්තේ ඒවා කෙරෙන් බිල්ඩිම් සමතලා කිරීමෙංද​?

      • එරන්ද says:

        හා මාතර ජනක ලොකු උන්නැහැ,
        මහ තවපාරක් ඉස්කෝලේ වත්ත අතු ගාලා එනකං ඔය ප්‍රශ්න ටික අහ අහ හිටින් එතකොට ඉතුරු බාගයත් දැං නගරාධිපති ගලවයි. උඹ නියමෙට ගැලපෙනවා ගිය ආණ්ඩුවේ පාස්තු කොමිසමේ සාමාජිකයකුට. යහපාලන ගල් ඉබ්බා…

      • එරන්ද says:

        කෝට්ටේ පොල්දූව මංසංදිය අසල “කොන්තගංතොට” තිබූ පුවරුව ගලවා දමා එතන අයිතිකරගෙන ඇති උන් වහාම සෙවිය යුතුය.
        පුරා විද්‍යා වැදගත්කමක් සහිත ස්ථාන ගිල දමන බහිරවයන්ට ඒවා පඩිසන් දෙනු ඇත.

        • Janaka from Matara says:

          ..මං කිව්වේ….
          කලු ලෑල්ලක් ඇහැට දැකපු පුංචි එකෙකුට නං සිංහලෙං අහන​ දෙයක් තේරෙන්න එපැයි.

  4. crazy says:

    this iresponsible mayor must be fired and sued

    • හැක හැක හැක හුක් හුක් හුක් says:

      හුටා …එතකොට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසිදියේම ආණ්ඩුවේ රෙද්ද ගැලෙව්වා එහෙනම්.. චන්දෙ කට ළඟ තියන් එහෙම කරපු එක හරි මදි නේ ද සර්..පොට්ටුවේ කතිර ? ජෝනියගේ මනාප ? එව්වා අඩු උනොත් සර්.. ඔන්න ඔහේ දැක්කේ නෑ වගේ ඉන්න. කොහොමත් මේ අවුරුදේ එම සි සි අත්සන් කලාට පස්සේ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ට අපේ ඉතිහාසය අලුතින් ලියන්න වෙනවා.

  5. Jehan says:

    True in Kandy and Gall fort there are so many structures like that and in whole of western world heritage buildings occupied by private companies/individuals and they are not allowed to do any changes to those buildings. Sometime governments declair old buildings as heritage building and owner is not allowed to do any design changes to it

  6. ගොන් බයියා says:

    අනේ අපේ ජොනි මහත්තයගෙ ගෝලයව හිරේ දායිද?

    • ක්‍රිමිනල් says:

      කරුපයියව සී.අයි.ඩියෙන් හොයාගත්තද ? අර 2000ක් 3000 ක් ආමි කොල්ලො මැරුවා කියපු කරුණව අත් අඩංගුවට ගත්තද ? නෑ නේ , පොඩ්ඩක් හිටපං පරීක්ශණ කරනවා ..😂😂😂

      • AK47 says:

        ජෙප්පන්ට අවි පුහුණුව දුන්නේ කොටි කියලා කරුණා කියනවා. ජෙප්පො ලංකාවේ බලය ඇල්ලුවොත් කොටින්ට ඊළම දෙන්න පොරොන්දු උනාලු. දැන් ඉතින් ජෙප්පෝ ටික අයර්ලන්තෙට වත් පැනල හැ0ගියල්ලා.

        • ක්‍රිමිනල් says:

          මචං බුරියානියක් කමුද ? 😂😂😂

          • AK47 says:

            ඊබ්‍රහිම් නානගේ බුරියානි නම් හා……. 🙂

    • හම්පඩයා says:

      මොන පිස්සුද බැකො ඔපරේට හිරේ. නාගරික කොමසාරිස්වයි නාගරික ඉන්ජිනේරුටයි ස්තාන් මාරු.නගරාදිපති රජ ගෙදරට.

    • කවුද රජා says:

      බුවන‌ෙකභාහුත් රජ‌ෙක්ද බං ? රාජපක්ෂනේ රජා..
      රාජපක්ෂ රජානෝට වහල්ලුම කීයක් ඉන්නවද ? ප්‍රවේණිදාසයෝම කීයක් ඉන්නවද? බ‌ෙරවායෝ, රාජපස්ස සුද්ද කරන්න සට්ටම්බිරාළලාම කීයක් ඉන්නවද?
      බුවන‌ෙකභාහුව රාජපක්ෂගේ පැත්තකින්වත් තියන්න පුළුවන්ද..

  7. Sirimal says:

    Arrest the Mayor and take maximum action against him as provided by law. Charge cost for rehabilitation from his personal funds.

  8. Randa says:

    දිවයින පුරා මෝඩ,වහල්, ගොන් බයි හිඟයක්😅😅😂🤟

    • බුවා says:

      ජෙප්පොන්ට වඩා වහල්ලු ජාතියක් ඉන්නවද?
      ලපයට අයර්ලන්තේ ගෙවල්.
      විජිතට තට්ටු බිල්ඩින්.
      ලාල්ගේ ළමයි පිටරට විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නෙ.
      බිමල්ගේ නෝනට BMW.
      හදුන්ගේ වියදම් ධනපතියන්ගෙන්.

      අඩු ගානේ විජේවීරගේ පවුලට දෙන්න සාමාජිකයින් එකතු කරලා දුන්නේ ලක්ෂ 72 න් සතයක් වත් විජේවීරගේ පවුලට දුන්නේ නැහැ. ජෙප්පන්ගේ බැංකු ගිණුමේ ශේෂය බිලියන 7ක් (ලක්ෂ 70,000ක්). ජෙප්පන්ට වඩා වහල්ලු ජාතියක් ඉන්නව නම් අටපට්ටමට දන්වන්න ඕනෙ හොදේ.

      • මෝඩ නිසා අපි තාමත් ලංකාවේ says:

        ” ලපයට අයර්ලන්තේ ගෙවල්.
        විජිතට තට්ටු බිල්ඩින්.
        ලාල්ගේ ළමයි පිටරට විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නෙ.
        බිමල්ගේ නෝනට BMW. ”

        මෙව්වත් අර රාජපක්සලගේ , ලම්බෝගිනි, රත්‍රන් අස්සයෝ, වගේ ම ද ?
        හැමදාම තියනවා තියනවා කිව්වට..පෙන්නේ නැහැනේ..

        • බුවා says:

          උබට නොපෙනුනාට අපට කරන්න දෙයක් නෑ

    • sunanda says:

      මුස්ලිමානුවන් මුහුදු මහා විහාරය, කූරගල, අල්වාගනිද්දී බණ භාවනාවල යෙදුනු ටොයි.ජෙපි ඈදුත්ත. දැන් කට මත දොඩවයි. ටොයියන්ට ජෙප්පන්ට ඔනේ තමන්ට යමක් හරි හම්බු කොරගන්නට මිස. රටට යමක් කරන්න නොවේය. ටොයි ජෙපි ඈදුත්තට අනුව මහින්ද මහා අන්තවාදියෙකි. රනිල් මහා ප්‍රජාතන්නත්‍ර වාදීන්ය. අනුර කුමාර අති මහත් පීඩිත සමාජයේ ගැලවුම්කරුවාය.

      • ගොන් බයියා says:

        එහෙනම් මේක අවුලක් නෑ තව පුරා වස්තු බුල්ඩෝසර් කරන්න සර්. අපි මනාපයි

    • ක්‍රිමිනල් says:

      බලපං එකෙත් හැටි නේද ? බෛයන්ට අන්තිමට බුවනෙකබාහු රජතුමාගේ රාජසභාමණ්ඩපයත් ,ගණිකා නිවාසයක් කියලා , රචනා ලියන්න උනානේ. පව් නේද බන් මෝඩ බෛයො ?

      • ජෙප්පා says:

        කූරගල, මුහුදු මහා විහාරේ දැක්ක නැති ජෙප්පන්ට බුවනෙකබාහු රජුගේ රාජසභාවෙන් සංස්කෘතිය මතක් වෙලා. ජෙප්පෝ පවු බන්. මෙහෙමත් අසරණ ජීවිත…….………….

        • ක්‍රිමිනල් says:

          මචං බුරියානීයක් කමුද ?

        • ගොන් බයියා says:

          එහෙනම් මේක අවුලක් නෑ තව පුරා වස්තු බුල්ඩෝසර් කරන්න සර්. අපි මනාපයි

  9. The Citizens says:

    The person or persons who have acted irresponsibly ( by taking a upperhand on matters of national interest) should be prosecuted.

  10. මොකා කොරත් වරදක් නම් පොහොට්ටුවද අලියද දුරකතනයද මාලිමාවද නොබලා දඬුවම් දිය යුතුය​????

    • AK47 says:

      අනිවා

      • Alapaluwa says:

        පොහොට්ටුවනම් නිදහස්. රනිල් රවි නම් නිදහස්. ගමේ දුප්පත් එකෙක්නම් ගස්.

Main News