කුරුණෑගල කොරෝනා පැතිරී යාමේ ඉහල අවදානමක..

April 26, 2020 at 3:00 pm | lanka C news

කොරෝනා වෛරසය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පැතිර යාමේ අවදානම් තත්වයකට පත්ව ඇති බව ලැබෙන තොරතුරු මත පෙනී යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පෙන්වා දෙන්නේ පසුගිය අවසන් දින තුනක කාලයක් ඇතුළත දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් අලුතින් 10 දෙනෙකු වාර්තාවී ඇති බවයි.

මෙම තත්ත්වය මත දිස්ත්‍රික්කයේ වෛරසය පැතිර යන භයානක තත්ත්වයක් ඇතිවී තිබෙන බවද ඔහු සිටියේය.

හමුවී ඇති ආසාදිතයන්ගෙන් වැඩි දෙනෙක් හමුදා සාමාජිකයන් බවත් ඔවුන්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් සමීපව ඇසුරු කර තිබීම තවත් බරපතළ කාරණයක් යැයි ද ඔහු තවදුරටත් පැවසීය.

302 views

34 Comments to “කුරුණෑගල කොරෝනා පැතිරී යාමේ ඉහල අවදානමක..”

  1. Susa says:

    Fully responsibility goes to the President he used our forces un safe environment….. No Safety equipment’s !!!!! un educated leader ship

  2. අපේ රට says:

    ඉතා කෙටි වේලාවකින් මෙම ප්‍රශ්නය දෙස ගැබුරින් සිතා බලා පලමුවෙන්ම රටතුල ඇදිරි නිතිය පනවා නිවාඩු ගිය රණවිරවන් කදවුරවලට ගෙන ඒමට ගත් තිරණය අගය කරමු. ඒත් සමග රෝගින් හදුනාගැනිම වෛද්‍ය අංශවලට පහසු වනු ඇත. ස්තුතියි.

    • sarath says:

      No troops should allow to cross district borders on leave or for any other matter unless they have tested for virus. This should have been done much earlier as they are very much vulnerable for contiguous with virus since they always busy with quarantine process.

Main News