කුරුණෑගල ගොඩනැගිල්ලේ දංකොටුව උළු හා ලංවා කම්බි.. මෙය ගණිකා මඩමක්, ගබ්සා මධ්‍යස්ථානයක්.. රාජසභා මණ්ඩපයක් යයි ඔප්පු කලොත් දඩුවම් බාර ගන්නවා..- නගරාධිපති

July 21, 2020 at 12:00 pm | lanka C news
කුරුණෑගල ගොඩනැගිල්ලේ දංකොටුව උළු හා ලංවා කම්බි.. මෙය ගණිකා මඩමක්, ගබ්සා මධ්‍යස්ථානයක්.. රාජසභා මණ්ඩපයක් යයි ඔප්පු කලොත් දඩුවම් බාර ගන්නවා..- නගරාධිපති

ආන්දෝලනයට තුඩුදී ඇති කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි කඩා ඉවත් කරන ලද ගොඩනැගිල්ල බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය යයි කිසිවකු ඔප්පු කළහොත් තමන් දෙන ඕනෑම දඬුවම් පිළිගන්නා බව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා පවසයි.

එහි පවත්වාගෙන ගියේ ගණිකා මඩමක් සහ ගබ්සා මධ්‍යස්ථානයක් යැයි තමන් නැවත පවසන බව ඔහු එම ස්ථානයේ නිරීක්ෂණයට පැමිණ කියා සිටියේය.

එය ඉදි කර ඇත්තේ දංකොටුව උළු සහ ලංවා වානේ කම්බි වලින්ම බවත් බුවනෙකබාහු රජ සමයේ ඒවා තිබුණේ කොහේදැයි ඔහු ප්‍රශ්න කළේය.

553 views
Main News