කුරුණෑගල දෙදෙනෙකුට කොරෝනා..

October 5, 2020 at 5:02 pm | lanka C news
කුරුණෑගල දෙදෙනෙකුට කොරෝනා..

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්ත ආයතනයේ සේවය කරන කුරුණෑගල පදිංචි කාන්තාවන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ.

ඔවුන් කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කර සිටියදී සිදු කරන ලද පරීක්ෂණ වලින් ඒ බව තහවුරු වී ඇත.

මේ දෙදෙනාම අදාල කම්හලේ මුලින්ම කොරෝනා ආසාදිත යයි වාර්තාවූ සේවිකාවගේ සමීප ආශ්‍රිතයන්ය.

ඔවුන් දෙදෙනා මේ වන විට ජාතික උණ රෝහල වෙත මාරු කර යවා ඇත.

මේ අතර කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් මිනුවන්ගොඩ රෝහල වෙන් කරනු ලැබ ඇත.

බ‍්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් ආසාදිත බවට වාර්තා වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

60,054 views

2 Comments to “කුරුණෑගල දෙදෙනෙකුට කොරෝනා..”

  1. US marine man says:

    ඇමෙරිකානු සොල්දාදුවන් හෙලිකොප්ටර යනා මගින් කුරුණෑගලට බැස්සවීමට කටයතු කරන මෙන් ඉල්ලා සිටිමි.

Main News