වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් ගැන පරීක්‍ෂණ අපක්‍ෂපාතීව කරන්න ඉඩ දෙන්න…- දයාසිරි

May 29, 2019 at 3:00 pm | lanka C news
වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් ගැන පරීක්‍ෂණ අපක්‍ෂපාතීව කරන්න ඉඩ දෙන්න…- දයාසිරි

දැනට රහස් පොලිසිය භාරයේ සිටින කුරුණෑගල දිස්ත‍්‍රික් රෝහලේ වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් මහතා තමන්ද හොදින් දන්නා හදුනන පුද්ගලයෙක් බව ශ‍්‍රීලනිප මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඔහුට එල්ල වී ඇති වද සැත්කම් චෝදනා ඔප්පු වන තෙක් ඔහු වැරදිකරුවෙක් යයි තමන් නොසිතන බවද ඔහු කියයි.

වෛද්‍යරවාය විසින් වද සැත්කම් කලා කියා හෝ නොකලා කියා තමන් එතෙක් අර්ථ නිරූපන සපයන්නේ නැති බවත් ඔහු පැවසීය.

එනිසා ඒ සම්බන්ධයෙන් අදාල අයට පරීක්‍ෂණ කටයුතු කරන්නට ඉඩ දී අනෙක් අය පැත්තකට වී සිටිනා ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

ශ‍්‍රීලනිප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

වෛද්‍ය ෂාෆි ව මං දන්නවා. ඔහු වැරදි කරුවෙක් කියල මං හිතන්නේ නෑ.

වෛද්‍ය ෂාෆි ව මං දන්නවා. ඔහු වැරදි කරුවෙක් කියල මං හිතන්නේ නෑ.

Gepostet von Headline News am Dienstag, 28. Mai 2019

46 views

23 Comments to “වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන් ගැන පරීක්‍ෂණ අපක්‍ෂපාතීව කරන්න ඉඩ දෙන්න…- දයාසිරි”

  1. Nuwan says:

    කෝටි 400න් කීයක් ලැබුනද?

  2. සිංහල බන්ඩා says:

    දයාසිරි තුමාට කියන්න පුලුවන්ද ෂෆි දොස්තර වහබියෙක්ද සලාෆියෙක්ද නැත්නම් සූෆි ඉස්ලාමිකයෙක්ද කියල. වැරදි කරැද නිවැරදි කරැද තියන රකව 50% ක උත්තරේ එතන තියනවා.

Main News