කුරුණෑගල නගරාධිපති අතුරුදහන්.. පොලිස් කණ්ඩායම් 06කට හොයාගන්න බෑ.. ප‍්‍රභූවරයෙකු සගවාගෙනදැයි සැක..

August 12, 2020 at 5:30 pm | lanka C news
කුරුණෑගල නගරාධිපති අතුරුදහන්.. පොලිස් කණ්ඩායම් 06කට හොයාගන්න බෑ.. ප‍්‍රභූවරයෙකු සගවාගෙනදැයි සැක..

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි නිකුත් කරල ලද වරෙන්තු අගෝස්තු 24 දින අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කරන ලදී.

නිකුත් කරන ලද වරෙන්තුව අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් හයක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය.

බුවනෙකබාහු රාජසභා මණ්ඩලය යැයි ජනප්‍රවාදයේ ඇති ගොඩනැගිල්ල කඩා බිඳ ඊට හානි කළේ යැයි ඔහුට චෝදනා එල්ල වී තිබේ.

මෙම සැකකරුවන් ප්‍රභූවරයෙකු වෙනත් අයකු විසින් සඟවා සිටින්නේදැයි සෙවීමටද විමර්ශනයක් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා සඳහන් කළේය.

22,699 views
Main News