කුරුණෑගල නගරාධිපති පොලිසියේ උපන් දිනය සමරයි.. කේක් ගෙඩිය පොලිසියෙන්…

May 31, 2021 at 2:10 pm | lanka C news
කුරුණෑගල නගරාධිපති පොලිසියේ උපන් දිනය සමරයි.. කේක් ගෙඩිය පොලිසියෙන්…

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාගේ උපන් දිනය ඊයේ දිනට යෙදී තිබිණි.

ඒ වෙනුවෙන් කුරුණෑගල පොලිසිය විසින් උපන්දින කේක් ගෙඩියක් සකස් කර තිබිණි.

නගරාධිපතිවරයා විසින් එම කේක් කපා එහි සිටි අයට පිලිගන්වනු ලැබීය.

ප‍්‍රදේශය බාර උසස් පොලිස් නිලධාරීන්ද එම අවස්තාවට සහභාගී වූහ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීම සඳහා පොලිස් අධිකාරිවරයකු ගෙන් යුතු විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙම කටයුත්ත නිරෝධායන නීතියට පටහැනි බවත් සඳහා එය පොලිසිය සම්බන්ධ වී නොකළ යුතු ක්‍රියාවක් බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

35,682 views

21 Comments to “කුරුණෑගල නගරාධිපති පොලිසියේ උපන් දිනය සමරයි.. කේක් ගෙඩිය පොලිසියෙන්…”

  1. අඩො අත තියනැ අපි ස. ගෙ අරිද ..ආ