කුරුණෑගල සමූපකාරය මහින්ද පිල උඩින්ම දිනයි.. ආසන 74යි.. එජාපයට 26යි.. ශ්රීලනිපයට බින්දුවයි..
January 11, 2017 at 8:40 am | lanka C news
කුරුණෑගල දිස්ත්රික්කයේ, කුරුණෑගල විවිධ සේවා සමුපකාර සමිතිය ශ්රී ලංකා පොදුජන පෙරමුණට ආසන 74 ක් දිනා ගනිමින් විශිෂ්ට ජයක් හිමි කර ගෙන ඇත.
එක්සත් ජාතික පක්ෂය දිනා ගනු ලැබුවේ ආසන 26 ක් පමණි.
අද නිකුත් වූ කුරුණෑගල විවිධ සේවා සමුපකාර ඡන්ද ප්රතිඵලය අනුව මහින්ද රාජපක්ෂ පාර්ශවය නියෝජනය කල කණ්ඩායම ශ්රී ලංකා පොදුජන පෙරමුණ හරහා විශිෂ්ට ජයක් ලබා ගැනිමට හැකි විය.