කුරුණෑගල සිරා පොළොන්නරුවේ සිරා ගාව දණ ගැහුවා…

July 5, 2020 at 11:20 am | lanka C news
කුරුණෑගල සිරා පොළොන්නරුවේ සිරා ගාව දණ ගැහුවා…

මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා යැයි කියූ විට දයාසිරි භූමිතෙල් ගෑවුණු ගැරඩියෙකු ලෙස කලබල වී ඇති බවත් තමන්ට වඩා එක් ඡන්දයක් හෝ කුරුණෑගලින් ගෙන පෙන්වන්න යැයි තමන් ශ්‍රීලනිප මහ ලේකම්වරයාට අභියෝග කරන බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා පාවා දුන් දයාසිරි ජයසේකර වැන්නවුන්ට මෙවර ජනතාව හොද පාඩමක් උගන්වනු ඇති බවයි.

වේයන්ගොඩ රංග ශාලාවේ දී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අත්තනගල්ල බල මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව සදහන් කළේය.

මෙහි දි වැඩිදුරටත් අදහස් දැක් වු ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

“ මෛත්‍රීට 2015 පක්ෂය භාරදෙනකොට මහින්ද මහත්තයා විශේෂ ඉල්ලීමක් කළා. පාක්ෂිකයෝ රැකගන්න කියලා. නමුත් මෛත්‍රි මොකද කළේ පාක්ෂිකයන්ව එක්සත් ජාතික පක්ෂයට පාවා දුන්නා. ඒ විතරක් නෙමෙයි. මහින්දට ආදරය කරන පාක්ෂිකයන්ගෙන් පළි ගත්තා. මහින්දලාගෙන් පළි ගත්තා. පළිගන්න නීතිය නැමුවා. නීතිය වෙනස් කලා. එහෙම කරපු මෛත්‍රී තමයි අද අපේ පස්සෙන් එන්නේ.

මම  හැමතැනම කියනවා පොහොට්ටුවට ඡන්දය දෙන්න කියලා. හැබැයි මතක තියාගන්න පොහොට්ටුවේ සියලුම අපේක්ෂකයෝ පොහොට්ටුවේ නෙමෙයි. පොහොට්ටු ගහගෙන පොහොට්ටු පාට ඇදගෙන මහින්ද මහත්තයා, ගෝඨාභය මහත්තයාගේ ෆොටෝ ගහගෙන ආවාට ඒ හැමෝම පොහොට්ටුවේ නෙමෙයි. මෙතන ඉන්නවා පොහොට්ටුවෙන් තරග කළාට මහින්ද මහත්තයාව දාලා ගිය අයත්. මෛත්‍රීට හේත්තු වෙලා තනතුරු වරප්‍රසාද ගත්ත අයත්. එහෙම තනතුරු වරප්‍රසාද අරන් මහින්දට ගහපු අයත්. ඒ නිසා මේ ගැන හොදට හිතන්න. මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා. මහින්දවත් දාලා යන්නේ නැති ගෝඨාභය මහත්තයාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිය ඉදිරියට ගෙනියන්න පුළුවන් අය විතරක් පාර්ලිමේන්තුවට යවන්න. පහුගිය කාලයේ එහාට මෙහාට පැනලා වරදාන වරප්‍රසාද ගත්ත කීපදෙනෙක් ඉන්නවා. එයාලා පාර්ලිමේන්තුවට එවන්න එපා.

ඊයේ කුරුණෑගල සිරි කෙනෙක් කියනවා ගම්පහ පැත්තේ බඩ තඩි මොළේ නැති කෙනෙක් පක්ෂය බෙදන්න හදනවා කියලා. ඒ හින්දා මම අද ඩෙනිමක් ගහගෙන ආවා කොල්ලා වගේ. එදා ජනාධිපතිවරණයේ දී මෛත්‍රීට සිරා සිරා කියලා බැනලා පස්සේ කුරුණෑගල සිරා පොළොන්නරුවේ සිරා ළගට ගිහින් දණ ගැහුවා. එතන ඉදන් මහින්ද මහත්තයාට බැන්නා. ඔය සිරාලා බැන්නට මට වැඩක් නෑ. මම අදත් කියනවා මෛත්‍රීට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියලා. මම මේක කියනකොට යහපාලන කටු සූප්පු කරපු අය ගැරඩියන්ට භූමිතෙල් වැදුණා වගේ කලබල වෙනවා. මට බනිනවා. මට අභියෝග කරලා තිබ්බා කුරුණෑගල සිරි මේ පාර ඡන්දයේ දී මිනිස්සු ප්‍රසන්නට ඡන්දය දෙයිද කියලා. මම දයාසිරිට වඩා එක ඡන්දයක් හරි ගන්නවා.  පුළුවන් නම් කුරුණෑගලින් මට වඩා එක ඡන්දයක් හරි ගන්න. මම අභියෝග කරනවා. දයාසිරිට දිනන්න පුළුවන් වෙන්නෙත් නෑ බලන්නකෝ. දැන් දයාසිරි කිය කිය යනවා කුරුණෑගල මහින්ද මහත්තයට ඡන්දය තියෙනවා ඒ නිසා මහින්දට දෙන්න එපා එයාට දෙන්න කියලා. මොන තරම් විලි ලැජ්ජ නැති මිනිහෙක් ද? කුරුණෑගල විතරක් නෙමෙයි මුළු රටේ ම මිනිස්සු දැන් ඒකරාශී වෙලා ඉවරයි පොහොට්ටුවේ ඉන්න පොහොට්ටුවේ නොවන මෛත්‍රීට ගෑවුණු එවුන් ගෙදර යවන්න.

මෛත්‍රීට ගෑවුණු එවුන් කියනවා තුනෙන් දෙකක ඡන්දය බලය ගන්න අවස්ථාව නැති වෙයිලු මම මේ කියන කථාව කියපුවාම. මෛත්‍රීට ගෑවුණු කෙනෙකුට ඡන්දය දෙන්න එපා කිවුවාම කොහොමද තුනෙන් දෙක නැති වෙන්නේ.  ඕවා බයිලා. කියන්න දෙයක් නැතුව කියන කථා. පොහොටුටවට ඡන්දය දෙනකොට සැබෑ පොහොට්ටුකාරයෙක් තෝරා ගන්න. උකුස්සෝ නැතුව. එතකොට ප්‍රශ්නෙ ඉවරයි. තනතුරු වරදාන වරප්‍රසාද වලට පාවාදෙන්නන්ට මහින්දය දාලා යන අයට ඡන්දය දෙන්න එපා.

උකුස්සෝ පොහොටු පාට ඇදගෙන පොහොට්ටු ලකුණ දාගෙන ආවාට රැවටෙන්න එපා. උකුස්සන්ට ඡන්දය දීලා රට ආගාධයට දාන්න එපා. උකුස්සෝ කථා කරන්නේ හරියට ඒ අය මහින්ද මහත්තයාව ගෝඨාභය මහත්තයාවයි දිනෙව්වේ ඒ අය වගෙයි. රටේ නායකයා පාවා දෙන මිනිස්සුන්ට රටේ ජනතාව සලකන්නේ නෑ. ඒක මේ උකුස්සන් තේරුම් ගත යුතුයි”.

– ප්‍රදීප් අනුර කුමාර

0 views

13 Comments to “කුරුණෑගල සිරා පොළොන්නරුවේ සිරා ගාව දණ ගැහුවා…”

  1. ත්‍රීවීල් says:

    මේ යකා මේ මනාප පොරයක් නිසා පොහොට්ටුව විනාස කරනවා.
    2018 පළාත් පාලනේදී මෛත්‍රීපාල තනිව තරග කරලා ලක්ෂ 17 ක් ගත්තා.
    2020 ගෝඨාභයට ශ්‍රීලංකා ඡන්ද අඩුම ගානෙ ලක්ෂ 8 ක් වත් ලැබුණා, මෛත්‍රීපාල එතනදි සජිත්ට උදව් කලා නම් මේ කට හැකරයො තාම විපක්ෂයේ.
    මේ හාදයා කොහොමත් ශිෂ්ණය හංගගෙන වෘෂණ කෝෂ වලින් රමණයේ යෙදෙන කෙනෙක්

  2. john the baptice says:

    මෛත්‍රීව සත පහකට විශ්වාස කරන්නේ නෑ.. අයවැයට විරුද්ධව ඡන්දය දෙනවා කියලා අපිව රැවෙට්ටුවා -බැසිල්.