කුරුණෑගල 13 සියවසේ රාජ සභා මණ්ඩපය ඩෝසර් කර කඩා බිඳ දමයි.. පාර හදන්නැයි නගරාධිපති කියයි..
July 17, 2020 at 11:20 am | lanka C news
කුරුණෑගල නගර මැද පිහිටි 13 සියවසට අයත් රාජ සභා මණ්ඩපය ඩෝසර් යොදා කඩා බිඳ දමා තිබේ.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස්වරයා පරීක්ෂණයක් කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.
කුරුණෑගල නගර සභාව විසින් මෙම ගොඩනැගිල්ල තුළ හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කර කඩා දමා තිබේ.
කුරුණෑගල නගරාධිපතිවරයා සඳහන් කරන්නේ ගොඩනැගිල්ල පසුපස ඇති මාර්ගයක් පුළුල් කිරීම සඳහා මෙම කොටස කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය අවසර ලබා දුන් බවයි.
නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබා දීමක් සිදු කර නොමැති බව පුරාවිද්‍යා කොමසාරිස්වරයා සදහන් කරයි.
පුරාවිද්‍යා කොමසාරිස්වරයා වහාම තනතුරෙන් පහ කල යුතුය මෙම තනතුරට අපේ ඉතිහාසයට ගරුකරන පුද්ගලයෙක් පත් කරන්න
Pakshya walin wadak naha. Gonnunwa chande deela mewage thanwakata yaweeme palawipaka.
From the top to bottom the main focus is money . They do whatever for money nothing else. They do not know that we do not live forever.
Nagaradipathiwath ethanatama genawith doser karademiya yuthui!
ko nam ubalage wimalaya ko ban phottuwe chandi jhonsta (mee haraka )ko daya (amu gona)ko jvp ballo tika
phottuwa mehema gyoth 2/3 ganne phottuwa
phottuwa mehema gyoth 2/3 ganne vipakshaya