කුරුණෑගල 13 සියවසේ රාජ සභා මණ්ඩපය ඩෝසර් කර කඩා බිඳ දමයි.. පාර හදන්නැයි නගරාධිපති කියයි..

July 17, 2020 at 11:20 am | lanka C news
කුරුණෑගල 13 සියවසේ රාජ සභා මණ්ඩපය ඩෝසර් කර කඩා බිඳ දමයි.. පාර හදන්නැයි නගරාධිපති කියයි..

කුරුණෑගල නගර මැද පිහිටි 13 සියවසට අයත් රාජ සභා මණ්ඩපය ඩෝසර් යොදා කඩා බිඳ දමා තිබේ.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා කොමසාරිස්වරයා පරීක්ෂණයක් කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දී ඇත.

කුරුණෑගල නගර සභාව විසින් මෙම ගොඩනැගිල්ල තුළ හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය අඟහරුවාදා රාත්‍රියේ ගොඩනැගිල්ලේ කොටසක් ඩෝසර් කර කඩා දමා තිබේ.

කුරුණෑගල නගරාධිපතිවරයා සඳහන් කරන්නේ ගොඩනැගිල්ල පසුපස ඇති මාර්ගයක් පුළුල් කිරීම සඳහා මෙම කොටස කඩා දැමීමට මාර්ග සංවර්ධන අධිකාරිය අවසර ලබා දුන් බවයි.

නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සඳහා අවසර ලබා දීමක් සිදු කර නොමැති බව පුරාවිද්‍යා කොමසාරිස්වරයා සදහන් කරයි.

424 views

45 Comments to “කුරුණෑගල 13 සියවසේ රාජ සභා මණ්ඩපය ඩෝසර් කර කඩා බිඳ දමයි.. පාර හදන්නැයි නගරාධිපති කියයි..”

  1. නායක්කාර් says:

    ඔය අර කුරුණෑගල ජොන්ස්ටන් ප්‍රනාන්දු මහත්තයගෙ සුවච කීකරු ගෝල බාල නගරාධිපති තුමානෙ…

    • desta says:

      jhonsta amu mee harakane bar karyane komis kakko depalla chande ko gotabayage show dalada maligawa keduwath echharai mun pada era era ediwe.

  2. Kadiya says:

    තුෂාර සංජීව කියල මොට්ට මෝඩයෙක් තමයි කුරුණෑගල නගරාධිපති. නගරාධිපති කියන්නේ මහා බලතල රාශියක් හිමි තනතුරක්. ඒ නිසා නගරාධිපති තනතුරට පත්වෙන කෙනා පුළුල් අවබෝධයක් සහිත බුද්ධිමත් මිනිසකු වීම අත්‍යවශ්‍යයි. නමුත් මේරටේ මහනගර සභා බොහෝමයක නගරාධිපති තනතුර හොබවන්නේ පට්ට මෝඩයෝ, කප්පම් කාරයෝ, හොරු, පාදඩයෝ. පක්‍ෂ විසින් අපේක්‍ෂකයන් තේරීමේ ක්‍රමවේදය වගේම චන්ද දායකයන් තම නියෝජිතයා තේරීම පිළිබඳවත් මීට වඩා සැලකිලිමත් විය යුතුයි.

  3. Truth says:

    අස්සයොත් එකයි බූරුවොත් එකයි, කරන්නේ හරක් වැඩ.

  4. ranjan says:

    දේශපාලුවන්ට හෙන ගහපිය

  5. ටෞකන්ඩ says:

    නගරාධිපතිටෞකන්ඩෝන කොහුමිටෙනං

  6. Janaka from Matara says:

    ..දුටු තැනම උල තියාපියව්.

  7. susi says:

    “රාජ සභා මණ්ඩපය ඩෝසර් යොදා කඩා” ආයු බෝ වේවා………. මහරජාණනි……

  8. සීමා කොළඹගේ says:

    අාරිය රැකව නේද නගරාධිපති

  9. Truth says:

    දැන් තියෙන බහුතරයක් නගරසභාවල ඉන්නේ මොලයක් නැති හරක්. ඒකට හේතුව දන්නෝ දනිති.

  10. Gobbaya says:

    ඕක පරණ එකක්නෙ කැඩුවට මොකද වෙන්නේ

Main News