කුරුදු දුම්වැටිය කටේ තියාගැනීම නරක ආදර්ශයක්ද.. වැඩි හානි දෙයකින් අඩු හානි දෙයකට පෙළඹවීම වරදක්ද.. මගේ වැඩේ සාර්ථකයි..- විමල්

March 26, 2021 at 3:00 pm | lanka C news
කුරුදු දුම්වැටිය කටේ තියාගැනීම නරක ආදර්ශයක්ද.. වැඩි හානි දෙයකින් අඩු හානි දෙයකට පෙළඹවීම වරදක්ද.. මගේ වැඩේ සාර්ථකයි..- විමල්

කුරුදු දුම්වැටිය ගැන ඇතැමුන්ගේ කලබල වීම මගින් පෙනෙන්නේ තම කාර්ය සාර්ථකත්වය බව ඇමති විමල් වීරවංශ මහතා සදහන් කරයි.

කුරුදු ආශ‍්‍රිත නිෂ්පාදනයට කලබල වී ඇත්තේ දුම්කොල සමාගමට විකිණුනු අය බවත් පවසන ඇමතිවරයා කුරුදු දුම්වැටිය සම්බන්ධයෙන් ඔ්නෑම අයෙකුට අධිකරණයට යා හැකි යයිද පැවසීය.

‘යම් කිසි දෙයක් කටේ තියාගෙන ඉන්න එක නරක ආදර්ශයක්ද’ යයිද ප‍්‍රශ්ණ කල ඇමතිවරයා වඩා හානිකර දෙයකින් අඩු හානිකර දෙයකට පෙළඹවීම වරදක්දැයි විමසීය.

උත්සවයකින් පසු මාධ්‍යවේදීන් වෙත ඔහු මෙම අදහස් පල කලේය.

18,374 views

18 Comments to “කුරුදු දුම්වැටිය කටේ තියාගැනීම නරක ආදර්ශයක්ද.. වැඩි හානි දෙයකින් අඩු හානි දෙයකට පෙළඹවීම වරදක්ද.. මගේ වැඩේ සාර්ථකයි..- විමල්”

  1. පූට්‍ටුවේ දේශප්‍රේමී says:

    මේ බුදුන්ගේ දේශයයි..පෙරදිග මුතු ඇටයයි.ආසියාවේ ආශ්චර්යයි.

  2. RAJINDA says:

    ඔව් වරදක් තමයි… ඒකෙන් සිගරට් නොබීපු අයට උත්ප්‍රේරනයක් ඇති කරනවා කුරුදු සිගරට් බොන්න. අන්තිමේ අවුරුදු කිහිපයක් කුරුඳු සිගරට් විතරක් උරපු එකාට නිකන් සිගරට් එකක් උරන්න බැරිද අන්තිමේ ඌත් දුම්බොන්නෙක් වෙනවා. ඒ නිසා ඔය වැඩේ ජනගත කරන්න හදපු එක මහා පාපයක් වෙනවා. ඕක අප්‍රසිද්ධියේ වෙළෙදපළට දැම්මනම් මෙහෙම වෙන්නේ නැහැ. අනික ඕක මොන සිගරට් එකක් උනත් වයස අවුරුදු 18න් පහල අයට තහනම් විය යුතුයි.

    • Maha sinhale says:

      මොන දෙයකින් සැදුවත් දුම් බිම අපේ රටේ නතර කලයුතු දෙයක් …ඔබේ දරුවන්ට කුරුදු දුම්වැටි බිමට ඔබ ඉඩ දෙනවාද ? එක නරක ආදර්ශයක් ..කුරුදු දුම්වැටිය වුනත් ඒක අපේ රටට අවශ්‍ය නොවේ

  3. වාසනාවන්ත රටක අවාසනාවන්ත මිනිස්සු says:

    කරන්න තියෙන්නෙ එකම දෙයයි.. ඔය දුම්වැටිය මෙරට වෙළඳපලට නිකුත් නොකර අපනයනය සඳහා පමණක් නිෂ්පාදනය කරන එක

  4. Panchayudaya says:

    Horakama loku unath, podi unath horakama, horakamamai. E wage, haaniya wedi unath, adu unath haaniya, haaniyamai.

  5. අල්ලා says:

    දුම්කොල විෂ නිසා එයට හානිකර නොවන ආදේශකයක් බව ප්‍රචාරය කලා නම් හොඳයි…

Main News