කුරුදු දුම්වැටිය නීති විරෝධීයි.. ඉලක්කය දුම් නොබොන 84%ක ජනතාව පෙළඹවීම.. නීති ක්‍රියාමාර්ග ගන්නැයි දැනුම් දෙයි..
March 22, 2021 at 11:20 am | lanka C news
කුරුදු දුම්වැටිය නිෂ්පාදනය කිරීමේ දී මෙරට දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත උල්ලංඝනය කර ඇතැයි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ සඳහන් කරයි.
මෙම කුරුදු දුම්වැටිය නිපදවමින් පසුපස දුම්කොළ කර්මාන්තය සිටින බවද ඔහු පෙන්වා දෙයි.
කුරුඳු දුම්වැටිය භාවිතය සඳහා ඉලක්ක වී ඇත්තේ මෙරට දුම් පානය නොකරන 84%ක් වන කාන්තාවන් සහ පාසල් දරුවන් බව ද ඔහු පවසයි.
මෙම කුරුදු දුම්වැටිය මගින් දුම්පානය නොකරන අයටද දුම්බීමට පෙළඹීමක් වක්‍රාකාරයෙන් සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
එනිසා මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතනවලට දැනුම් දී ඇති බවත් එහි ප්‍රතිඵල අනුව මෙම දුම්වැටියට ගැන ඉදිරියේදී පියවර ගන්නා බවත් ඔහු කියා සිටියේය.
බහුජාතික සමාගමට නඩු දැම්මේ නෑ නේද දොස්තර මහත්තයෝ?
රට දියුනු නෑ කියනවා, අගය එකතු කිරීම් නෑ කියනවා, නව නිශ්පාදනය නෑ කියනවා. නිශ්පාදනය කරාම නඩු දානවා. ඊට පස්සෙ ආයෙත් නහයෙන් අඩනවා රට දියුනු නෑ කියලා.
නැට්ටෙ මුල ගොම ගා ගත්තම හෝදන්න මාර අමාරුයි ..😃😁
Cigarette Company… Liquor Company .. Cassino Company Walata Nau Daanna… Wahanna.. Mona Aanduwa Aawath Karanne Nehe, Mokada Nikam (Nomile) Education, Health Pahasukam…. Pin Padi Dennaa Aaandu Walata Salli Enne Eee Ayagen. Namuth Aaandu Kiyanwa… Math Pen, Dum Weti Honda Nehai Kiyala…Eewa TV Eke Yana Kota Penwanawa… Ithin Aaanduwa Athule Indan Kurudu Dumweti Proomote Karana Eka Harida….? Hes & Nish Denna Hariyata Professors La Wage Kathawa…… Oya Pani Muttiyen Eliyata Awilla Citizen Kenek Lesa Hithanna Purudu Wanna, Chandaya Kaata Demmath.
සමාධි කියල doctor ට නම තිබුනට, බටහිර tobacco උවමනාව වෙනුවෙන් රෙදි නැතුව උනත් පෙනී ඉන්න බව දැන් මුලු රටම දන්නව. දුම්කොල සිගරට් එකෙයි කුරැදු සිගරට් එකෙයි අන්තරායක රසායන ද්‍රව්‍ය සංයුතියේ තත්වය පුලුවන්නම් රටට පෙන්නන්නකො. එතකොට හොද නරක ජනතාවට තේරැම් ගන්න පුලුවන්. එහෙම නැතුව මේ කරන වැඩවලින් ඔබ tobacco $ වලට යටයි කියල හොදට පේනව.
100% correct
If the manufacture is for export entirely then this will generate jobs & earning of foreign exchange. Restrict to export only.
වසරක් වසරක් පාසා දුම්කොල සමාගමේ ලාභය ඉහල යන එක ගැනවත් ඊට සාපේක්ෂ මේ රටේ දුම්බීම නිසා ලෙඩ වෙන මිනිසුන් ගණන වැඩිවෙන බවත් , ඒ ලෙඩුන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වාර්ෂිකව රජය වැය කරන මුදල් ප්‍රමාණය එන්ට එන්ටම වැඩි වෙන බවත් “දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ ” මහතා ප්‍රසිද්ධියේ නොකියන්නෙ ඇයි ?
මෙහෙම තනතුරක් ඇති බවත් එය මෙවැනි කාලකණ්ණියෙක් විසින් දරණ බවත් දැන ගත්තේ දැන්. පාසැල් සිසුන් මධ්‍යසාර සහ දුම් වැටි සඳහා ඇද ගැනීමට නොයෙකුත් උපාය මාර්ග සංකේතාත්මක වන විට දිගින් දිගටම නිදි වැදී සිටි මූ දැන් හදිස්සියෙන් අවදි කොට ඇත්තේ බහු ජාතික දුම් කොල සමාගම් විසිනි. මූද අහිසක ලෙඩ්ඩුන් සොරාගෙන කන අනෙක් දොස්තරලා නොදෙවෙනි කාලකණ්ණියෙකි.
දේශීය නිෂ්පාදන නැහැ කිය කිය නාහෙන් අඬනවා දේශීය නිෂ්පාදනයක් වෙළඳ පොළට ආපු අම එකෙනැට්ටෙ ඉදන් වැරදි හොයනවා ඔහොම බලන්න යනකොට මේ රටේ කාර් එකක් හැදුවත් ඒකෙත් පරිසර හිතකාමී නැහැ කියලා විහාර දි හොයයි අපේ රට දියුණු කරන්න බැහැ මේ වගේ ගොබ්බයෝ ඉන්නකන්