‘කුලියාපිටි වොක්ස්වැගන් 2’ ආවා..- හම්බන්තොට ඩොලර් බිලියන 3.8 තෙල් පිරිපහදුව බොරුවක් බව ඔ්මානය නිවේදනය කරයි..
March 21, 2019 at 2:10 pm | lanka C news
ලංකාවේ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරිම සඳහා ඕමානය මේ දක්වා තීරණයක් ගෙන නෙමැති බව ඕමාන ඛනිජ තෙල් අමාත්‍යාංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට ඕමාන සමාගමක් හා සිංගප්පූරු සමාගමක් එක්ව ඇති බවට සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය පසුගියදා සඳහන් කළේය. එම ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරමින් ඕමානය මේ බව සඳහන් කර තිබේ.
එහි නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම ආයෝජනයක් ලෙසින් ඕමාන සමාගමක් හා සිංගප්පූරු සමාගමක් එක්ව මෙම ආයෝජනය හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ සිදුකිරිමට නියමිත බවයි.
එහි ඉදිකිරිම් මාර්තු 24 දා ආරම්භ කිරීමට නියමත බවත් එම අයෝජනය ඩොලර් මිලියන 3850ක් බවත් ඔහු ප්‍රකාශ කළේය. එසේම මෙම ආයෝජනයේ 30%ක් ඕමාන සමාගමක් විසින්ද 70%ක් සිංගග්පූරු සමාගමක් විසින්ද සිදුකරන බව නියොජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
“අපේ පැත්තේ කවුරුවත් මේ අයේජනය ගැන ශ්‍රී ලංකාවත් සමග සම්බන්ධ වී නෑ” යැයි ඕමාන ඛනිජ තෙල් හා ස්වාභාවික වායූ අමාත්‍යාංශයේ උප ලේකම් සලිම් අල් අවුෆි පෙරේදා (20දා) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර තිබේ.
“ඒක මට ප්‍රවෘතියක් ලෙස ආවේ. මම දන්නේ නෑ ඩොලර් බිලියන 3.8ක චෙක් වලට අත්සන් කරන්න යන්නේ කවුද කියලා. ” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මීට පෙර රජය විසින් සඳහන් කළේ කුරුණෑගල දිස්ත්‍රික්කයේදී වොක්ස්වැගන් සමාගම වාහන එකලස් කිරිමේ කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමට කටයුතු කරන බවයි. කෙසේ වෙතත් වොක්ස්වැගන් සමාගම එය ප්රතික්ෂෙප කරමින් නිවේදනයක් නිකුත් කිරිමට කටයුතු කළේය.
– ada
මුන් ඔක්කොම සුද්දන්ගෙ බත් බැලයො. මුන් නටන්නේ සුද්දට ගහන පදේට. තියෙන්නෙ සුද්දගෙ කරුමේ . අපේ උරුමෙ මුන් විනාස කරනව. මුන්ගෙ අහලකවත් නෑ සිංහල පුලුටක්වත්. මුන් දැන් ඵ් නිසා අපි උත්සහවත් වෙන්ට ඕනෑ වෙන මොකකටවත් නෙවෙයි . අපේ ඵකෙක් රජ කරවන්න. සුජාත සිංහල පැටියෙක් සිංහාසනෙ හිඳුවන්න. ඵතකන් අපිට නිවනක් නෑ . ඵ්කයි අපි කෑමොර දීල තොපිලට කියන්නෙ දවසින් දවස අපේ දේවල් මුන් පාගල දමනව. විනාස කරනව. මුන්ගෙන් අපේ ජාතියට පිහිටක් නෑ. ඵ් නිසා සිංහල පැටියෙක් අභිශේක කරන්න. ජන සම්මතවාදීව දස රාජ ධර්මයෙන් රට කොරන්න, සිංහල බෞද්ධ සංස්කෘතියට ආයෙත් පණ පොවන්න, සම්බුද්ධ සාසනේ පන්දහසක් කල් සුරකින්ට, උභය කුල පාරිශුද්ධ සුජාත සිංහලයෙක් රජ කරවන්න.
Another Hoaxwagan!!!
Chande lagayi wage. Hora guhawe news ekak.
ඇත්තටම කවුද අන්දෙන්නේ
හි හි හි!
🤣😂🤣😅😂🤣😂😂🤣😂🤣😂🤣😅
Thopi kiyanne Okkama Borubawa janathawa hodin dannawa
mu katha karanakota nahayayi thallayi ekata alila nannun sadde awata borukiyanna rusiya.
ගනන්ගන්න එපා, ඔය මිනිහට කොකේන් මත වැඩිවෙලා තියන වෙලාවක කියපු කතාවක්.
Dan nadu Daanna ona Volkswagen samagamata saha Oman rajayatada nathnam e dennama ekathuwela SriLanka aanduwata kiyala prashanayak mathu wenawa.
2015ද චන්දෙදි වොක්ස්වැගන් , 201 චන්දෙට ඕමාන් ඔයිල් . නියමයි ! නියමයි!. ජය වේවා !
තාම මී හරක් ටිකක් ඉතුරු වෙලා ඉන්නවා බං ඔය වගේ ඩිජිටල් පච විස්වාස කරන. ඒ හින්දා ඈමතිවරු කාලෙන් කාලෙට පොඩි අප්ඩේට්ස් දෙනවා උන් ටික තියා ගන්ඩ.