කුලියාපිටියේ වොක්ස්වැගන් කාර් හදනවාමයි.. ඇත්තේ පොඩි ප්‍රමාදයක් පමණයි..
April 4, 2019 at 12:00 pm | lanka C news
කුලියාපිටියේ ඉදි කරමින් ඇති වොක්ස්වැගන් වාහන නිශ්පාදන කර්මාන්තශාලා ව්‍යාපෘතියේ යම් ප්‍රමාදයක් ඇතැයි තමන් පිළිගන්නා බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය ඇමැති නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේ එම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමිනි.
ව්‍යාපෘතියේ යම් ප්‍රමාදයක් තිබෙන නමුත් එය අතහැර දමා නැති බව ද ඔහු කියා සිටියේය.
මේ වන විට ඊට අදාල භූමිය වෙන් කර දී තිබෙන බවත් ඉදිකිරීම් කරගෙන යන බවත් කී ඇමතිවරයා ‘ටිකක් ඉවසා බලා ගෙන ඉන්න. අපට බොරු කරන්න වුවමනාවක් නෑ’ යයිද සදහන් කලේය.