කුරුණෑගලත් පොලිස් බල ප‍්‍රදේශ 05කට ඇදිරි නීතිය පනවයි…

October 20, 2020 at 3:00 pm | lanka C news
කුරුණෑගලත් පොලිස් බල ප‍්‍රදේශ 05කට ඇදිරි නීතිය පනවයි…

තවත් පොලිස් බල ප‍්‍රදේශ 05කට ඇදිරි නීතිය පනවන ලද බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා මෙසේ ඇදිරි නීතිය පනවා ඇත්තේ කුලියාපිටිය, නාරම්මල, ගිරිඋල්ල, පන්නල, දුම්මලසූරිය වන පොලිස් බල ප‍්‍රදේශ සදහායි.

මේ අතර කුලියාපිටිය ප්‍රදේශයේ පල්ලියක දේව මෙහෙයකට සහභාගී වූ 14 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

කුලියාපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය සඳහන් කරන්නේ මෙම දේව මේ පවත්වා ඇත්තේ එම ප්‍රදේශය තුළ සංචාරණ සීමා පනවා තිබියදී බවයි.

නව ආසාදිතයන් දාහතර දෙනා සමග එම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයන් 25 දෙනෙකු වාර්තා වෙයි.

තවත් පිරිසකගේ කොරෝනා පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතය.

56,707 views

2 Comments to “කුරුණෑගලත් පොලිස් බල ප‍්‍රදේශ 05කට ඇදිරි නීතිය පනවයි…”

  1. himali says:

    Brandix ඕමාර් ගේ ඉදන් මේ හම්බ රැල රට පුරා කොරෝන බෝ කර කර යන්නේ අපෙන් පළි ගන්න

  2. nuwan says:

    මේ තත්වය ඇති වෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා . එහෙත් ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දීම මත ජනතාවගේ සුවතාව ගිලිහි ගියා . යුද්දය අවසන් කළේ ජනතා ජිවිත බේරාගැනීමට ප්‍රමුකත්වය ලබාදිමුත් මෙහිදී එම අයවලුන්ම ජනතා ජිවිත බේරා ගැනීමට ප්‍රමුකත්වය ලබා දීම වෙනුවට ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දුන්නා . දිනපතා කොරෝනා පාලනය ගිලිහියන බව දැන් වත් තෙරුම් ගත යුතුයි . නැතහොත් සිදුවනුයේ ආර්ථිකය හා ජනතාවගේ සුවතාව දෙකම නැති වීමයි . සුවතාව ගිලිහුන ජනතාවක් සිටින විට ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද යන්න පළමුව තේරුම් ගත යුතුයි . සති දෙකක් රටවහලා ජනතාවගේ සුවතාව රැක්කනම් ආර්ථිකයට සිදුවන පාඩුව මීට වඩා බෙහෙවින් අඩු බව මාගේ හැඟීමයි.

Main News