කුලියාපිටිය විශ්වවිද්‍යාල වසා දමයි..?

August 3, 2019 at 8:02 am | lanka C news
කුලියාපිටිය විශ්වවිද්‍යාල වසා දමයි..?

කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතනයේ සිසුන් හා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විජේරාම නිවසේදී පැවැත්විණි.

කුලියාපිටිය විශ්වවිද්‍යාල විද්‍යාතනය පසුගිය රජය සමයේ තාක්‍ෂණ විෂය හදාරන සිසුන් සඳහා උසස් අධ්‍යාපන පහසුකම් ලබාදීම සඳහා ස්ථාපිත කරන ලද  විද්‍යාතන 06න්  එකකි.

මේ වන විට මෙම විද්‍යාතනයේ වත්කම් හා ඉඩම වයඹ විශ්වවිද්‍යාලයට පවරා මෙම විද්‍යාතනය වසා දැමීමට කටයුතු කෙරෙමින් පවතින බව මෙම සිසුන් මහින්ද රාජපක්‍ෂ මහතාට පැවසීය.

දැනට සිසුන් 660ක් පමණ වයඹ විශ්වවිද්‍යාල විද්‍යාතනයේ අධ්‍යාපනය ලබන අතර මෙහි අධ්‍යාපනය ලබා පිටවූවන් ඉතා ඉහළ වැටුප් ලබන රැකියා වල නිරතව සිටි.

පසුගිය වසර 04 තුළම මෙහි පහසුකම් වැඩිදියුණු කිරීමට මෙන්ම අනෙකුත් තාක්‍ෂණ විද්‍යාතන පහේද පහසුකම් වැඩිදියුණු කිරීමට පාලකයින්ගේ අවධානය යොමු වී නොමැත. මෙවැනි පුහුණුවක් පෞද්ගිලක ආයතනයකින් ලබා ගැනීමට විශාල මුදලක් වැය වන බව පැවසූ සිසුන් ඒ සඳහා ප්‍රමාණවත් පහසුකම් පුද්ගලික ආයතන සතුව නොමැති බවද මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ මහින්ද රාජපක්‍ෂ මහතා රැකියා විරහිත භාවයට ඉතා ප්‍රයෝජනවත් වැඩපිළිවෙලක් වන මෙම විද්‍යාතන වසා දැමීම නොව රටපුරා ව්‍යාප්ත කිරීම යුගයේ අවශ්‍යතාවය බව පැවසූ අතර ඉදිරියේ පත්වන තම රජයකින් මේ පිළිබඳව වඩා අවධානය යොමුකරන බවද පැවසීය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, ටී බී ඒකනායක, තාරනාත් බස්නායක, හිටපු අග්‍රාමාත්‍ය ලේකම් එස් අමරසේකර යන මහත්වරුන්ද එක්වූහ.

රොහාන් වැලිවිට
මාධ්‍ය ලේකම්

39 views
Main News