කුල කාන්තාවන් 101ක් කිරිබත් මුට්ටි 101ක් විශේෂ දේව මෙහෙයක්…
January 18, 2021 at 2:24 am | lanka C news
උතුරු පලාතේ විශාලතම ජලාසයක් වන කිලිනොච්චිය ඉරණමඩු ජලාශය ඉදිකොට කෘෂිකර්මාන්තය වෙනුවෙන් ජලය ලබා දී වසර 101 ක් පිරීම නිමිත්තේ කිලිනොච්චියේ ගොවි පවුල් විසින් ඉරණමඩු ජලාශය ඉදිරිපිට පිහිටි අම්මාන් කොවිල ඉදිරිපිටදී විශේෂ දේව මෙහෙයක් පවත්වනු ලැබීය.
1920 වසරේ ජනවාරි මස සිට කිලිනොච්චිය ඉරණමඩු වැව ඉදිකිරීමෙන් පසුව පළමුව ගොවි ජනතාව වෙනුවෙන් ඉරණමඩු ජලාශයෙන් ජලය බෙදා දී ඇත.
කිලිනොච්චිය ප්‍රදේශයෙන් කුල කාන්තාවන් 101 දෙනෙකු තෝරාගෙන ඔවුන් ලවා කිරිබත් මුට්ටි 101 ක් නැකතට පිළියෙළ කොට එම කිරිබත්වලින් අම්මාන් කෝවිලට පූජාවක් පැවැත්වීම මෙම විශේෂ උත්සවයේ සිදුවුණි.
එක පෙළට ලිප් බැද එකම ප්‍රමානයේ නැවුම් මුට්ටි 101 ක මෙම කිරිබත් පිළියෙළ කළ අතර මේ අවස්ථාවට කිලිනොච්චිය දිසාපතිනි රූපවතී කේදීස්වරන් මහත්මිය ඇතුලු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද සහභාගි වී සිටියහ.
කිලිනොච්චියේ ප්‍රධාන ජීවනොපාය වන්නේද වැඩි වශයෙන් ගොවිතැන ඇතුලු කෘෂිකර්මාන්තය වන අතර සියලු ගොවිතැන් කටයුතු වෙනුවෙන් ජලය සැයෙන්නේ ඉරණමඩු ජලාශයෙන් වන හෙයින් එයට කෘතගුණ සැලකීමක් ලෙසට ගොවීන් විසින් මෙම විශේෂ දේව මෙහෙය පවත්වනු ලැබූ අතර මේ දින වල ඉරනමඩුජලාශයද වාන් දමමින් පවති.
– වන්නි රොමේෂ් මධුෂංඛ
බොරු සිරිත් විරිත් හදනවා
සිංහලකමට ලඟින් යන වැඩ මුං කරනවා, උන් මේ රටේ මුල් පදිංචි කරුවො කියලා පෙන්නන්න..
වඩේ තෝසෙ හදපල්ලා..
කුල කාන්තාවො නං ඉතිං සිංහල ගෑනු ටිකක් ගන්න ඕනෙ.
ඔය දුංකොල දෙමලු අතර කොහෙද කුල කාන්තාවෝ..
දුංකොල කම්කරු ද්‍රවිඩ කුලය තමා
H. T. S. Ward built this tank on top of an older tank originally built by King Datusena so they would need 1500+ instead of 101.