කුවේටටේ සිරවූ ලාංකිකයන් නොමිලේ ලංකාවට.. ගුවන් ටිකට් දිලිත් ජයවීරගෙන් කෝටි 2.2ක්..

May 7, 2020 at 4:40 pm | lanka C news
කුවේටටේ සිරවූ ලාංකිකයන් නොමිලේ ලංකාවට.. ගුවන් ටිකට් දිලිත් ජයවීරගෙන් කෝටි 2.2ක්..

මැදපෙරදිග සිට ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කරමින් සිටියි.

ඒ සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කළේය.

ඒ අනුව මුලින්ම ගෙන්වන්නේ වීසා කාලය අවසාන වීම නිසා කුවේටයේ රැඳී සිටින පිරිස සහ මැදපෙරදිග රටවල් කිහිපයක පිරිස් බවද ඔහු පැවසීය.

මේ අතර වීසා කාලය අවසන්ව දැනට කුවේට් රාජ්‍යය තුල රැඳී සිටින පිරිසට මෙරටට පැමිණීම සඳහා නොමිලේ ගුවන් පහසුකම් ලබා දීමට කටයුතු සූදානම් කර තිබේ.

මෙරට ප්‍රකට ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මහතා විසින් රුපියල් මිලියන 22ක මුදලක් ඒ සඳහා වියදම් ලෙස රජයට ලබා දී ඇත.

255 views

32 Comments to “කුවේටටේ සිරවූ ලාංකිකයන් නොමිලේ ලංකාවට.. ගුවන් ටිකට් දිලිත් ජයවීරගෙන් කෝටි 2.2ක්..”

  1. Kamal says:

    හොටෙල් කාමරය 2 නෙකුට 15000/=, එක්කෙනෙකුට 7500/=. ගුවන් ප්‍රවේශ පත්‍ර තවමත් ලැබිය යුත්තන්ට නොලැබී ඇත. කොහොමත් අබුඩාබි / ඩුබායි ඉන්න ලංකාවට යන අය ඩිරාම් 1500-2000(රැ 75000-100000) ටිකට් වලට සහ හොටෙල් සදහා දින 21 කට මුදල් සුදානම් කරගෙන ඉන්න

  2. kamala says:

    Niyamai ..Lankawata sapath Unaata Passe 7500 Gane Dina 14 k Citrus Eke
    Aniwarya Niroadayanaye …

Main News