කුවේටයේ නීතිවිරෝධීව රැදී සිටින ලාංකික ශ්‍රමිකයන්ට පිටවීමට දුන් තිබූ කාලය මැයි 30 තෙක් දිගු කිරිමට ඉල්ලයි…

April 25, 2020 at 8:21 pm | lanka C news
කුවේටයේ නීතිවිරෝධීව රැදී සිටින ලාංකික ශ්‍රමිකයන්ට පිටවීමට දුන් තිබූ කාලය මැයි 30 තෙක් දිගු කිරිමට ඉල්ලයි…

කුවේටයේ නීතිවිරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ලබාදී ඇති පොදු සමාකාලය තුල එරටින් පිටවිම සඳහා තිබු කාලය මැයි මස 30 දක්වා දීර්ඝ කරන මෙන් විදේශ සබදතා,නිපුණතා සංවර්ධන,රැකීරක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කළාෆ් දහයිර් මහතාගෙන් ඉල්ලාසිටී.

පොදු සමාකාලය තුල එරටින් පිටවිම සඳහා තිබු කාලය අද (25) අවසන් විය.

අමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ කුවේට් තානාපතිවරයා සමග සිය අමාත්‍යාංශයේ (22)පැවති සාකච්ඡාවකදීය.

මේ සදහා ඉතාම ඉක්මණින් සාධනීය පිළිතුරක් ලබාදෙන බව තානාපතිවරයා එහිදි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ප්‍රකාශ කර තිබේ.

මේ අතර කුවේටයේ නීතිවිරෝධීව රැදී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ආහාර හා නවාතැන් පහසුකම් ලබාදීමටද එරට රජය පියවර ගෙන තිබේ. කුවේට් රජයේ උපදෙස් පරිදි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නීති විරෝධීව රැදි සිටින ශ්‍රමිකයන් ලියාපදිංචි කිරිම ආරම්භකොට තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මෙම ශ්‍රමිකයන් සම්බන්ධව තොරතුරු සම්බන්ධිකරණය කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු සුබසාධන අංශය හරහා සිදුකරමින් සිටී.

මෙම සාකච්ඡාව සදහා විදේශ සබදතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාත ආරියසිංහ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ යන මහත්වරුන් එක්වී සිටියහ.

– කල්‍යාණප්‍රිය රාමනායක

235 views

10 Comments to “කුවේටයේ නීතිවිරෝධීව රැදී සිටින ලාංකික ශ්‍රමිකයන්ට පිටවීමට දුන් තිබූ කාලය මැයි 30 තෙක් දිගු කිරිමට ඉල්ලයි…”

  1. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    අර තට්ටයා ” කොරෝනා කට් ” එක කපාගෙන උන්නට මාස්ක් දාලා නෑනේ..

  2. වංසේ කබල්ගෑම says:

    අයියෝ බොරළුගොඩ සිංහයා හම්බ්ස් කෙනෙක් ලග බැගෑපත් වෙන හැටි.
    රාවණා පරපුර හම්බ දෙපාමුල දනගැස්සුවා නේද ?
    කියනකොට එහෙමයි කරනකොට මේන් මෙහෙමයි මෝඩයිනි.

    • sunil says:

      මෙය බැගපත් වීමක් නොවේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත් වීමක්. රටේ මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වී ඔවූනට සහන සලසමින් ජිවිත බේරා ගැනීම සඳහා උපරිම වශයෙන් රාජ්‍ය නායකයන් විසින් ගන්නා උත්සහය පිළිබඳව පල කරන ලද අදහස් ඉතාම නින්දිතයි. කුහක අරමුණකින් ඉදිරිපත් කල මෙම අදහස් පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

    • Mangala says:

      Oya hambaya original hambayek ban. aenisa eya langa bagapath unata kamak naha. habai ape rate inna hambayo thuthukuddiyen apu hambayone ban.ape rate nanala original Arabic wenna hadanawa aeunata therenawa thuthukudiyen kiyala

    • වීර වංසේ says:

      “අවසර සුල්තාන්තුමනි අපේ දැසි දැස්සන් ගැන අනුකම්පාකර වදාරනු මැනව.අපට දෙන බැලමෙහෙවරකම් කෝටා එක කපා නොහරිනු මැනවි.ඔබට මතු බුදුබව ලැබේවා හම්බ උතුමාණනි”.
      ඔබතුමන්ලාගේ මහාකරැණාව නොවන්නට අපේ ආර්තිකය හොම්බෙන් ගොස් අපට තට්ටම් දෙකෙන් යාමට සිදුවනු ඇත.විපක්ෂයේ ඉන්නාවිට අප කියූ කෙරෑ ඒවාට අනුකම්පාකර වදාරනු මැනව.

      • Indrajith says:

        Ane jeppo, gnpiyo ubalage nirdhana panthiye kattiya genna ae manussaya kathakaranne. ae ratawala ape ewun dukata pathwela innawele tho athal gannawada kuhakaya.ubala langa kohenda anukampawak.

  3. කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නිති විරෝධී ලෙස 16.000 ක් පමණ ඉන්නවා එයින් 13.000 ක් ඉන්නවා නිති විරෝධීව රැකියා කරන ස්ථානයේන් පිට රැකියා කරන අය 3.000 ක් ඉන්නවා අකමා ( බලපත්ර අලුත් කිරීමට නොහැකි වූ අය කරුණාකර මේ සියලු දෙනා ගෙන්වා ගන්න අනික 2018 /2/3/4 යන මාසවල පවා පොදු සමාවක් ලැබුනත් මේ කිසිවක් ලංකාවට නොගිය අය ….. කටාර් වල අපි

    • වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

      දැන් ඔහොම කිව්වට ඇවිල්ලා කියාවිද දන්නෙ ටිකට් එකේ ගාන වැඩියි කියලා

  4. සමන්ත says:

    අනෙක් මැද පෙරදිග රටවල් එක්ක බලද්දී කුවේට් වල තියෙන නිදහස උපරිමයෙන් භුක්ති වින්ද සෙට් එක තමයි දැන් ලංකාවට එන්න දගලන්නේ. සමහර විට මේ පිරිස නිසා කුවේට් වල නීති තද කීරීමට වුවද හැකියාව ඇත. මේ අය මේ විදිහට වෙන රටක හිටියානම් දැන් දඩත් ගහලා හිරෙත් දාලා.

  5. Dot says:

    This is a sad situation , the undocumented labor found in many parts of the world .Citizens of the world with no human rights to demand a loving wage or health safety amenities the countries provide for the others .But they do contribute to the well being of their families back home .they need our help .The Corona virus has revealed indeed a wider world than we are comfortable ..thinking all is well for our own .

Main News