කුසල් ජනිත් 200ක් ගහන්නේ අහසේ ඉදන්දැයි ඇහුවා..

March 2, 2020 at 3:50 pm | lanka C news
කුසල් ජනිත් 200ක් ගහන්නේ අහසේ ඉදන්දැයි ඇහුවා..

දේශපාලන මැදිහත්විම ක්‍රිකට් තින්දුවලින් සියයට සියයක්ම ඉවත් කර තිබෙන බවත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය.

එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ තරග සංචාරයේදී කුසල් පෙරේරා ඉවත් කිරිමට ගත් තීරණය පිළිබඳව තමන් ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසා සිටි බවත් ඔහු පැවැසීය.

මාතර, වැලිගමදි පැවති උත්සවයකදි හෙතෙම මෙි බව පැවසිය.

“දේශපාලන මැදිහත්විම ක්‍රිකට් තින්දු වලට සියයට සියයක්ම ඉවත් කරලා තියෙන්නේ. මම වගකිමෙන් කියනවා ක්‍රීඩා අමාත්‍යවරයා විදියට එය දැන් බිංදුවේ තියෙන්නේ. කිසි ලෙසක මැදිහත්විමක් නැහැ. නිසිලෙස තේරිම් කරන්න ඉඩදිලා තියෙනවා. හැබැයි ගැටලුවක් වෙන තැනදි අපි මැදිහත් වෙනවා. උදාහරණයක් විදියට කුසල් පෙරේරා පසුගිය සිම්බාබ්වේ තරගාවලියට තෝරා ගත්තෙ නැහැ. මම පුද්ගලිකව ඒ මණ්ඩලය කැදවලා ඇහුවා ඇයි කුසල් පෙරේරා තෝරා ගත්තෙ නැත්තෙ කියලා.

එතකොට ඒ අයගෙන් ලැබුණ උත්තරය තමයි කුසල් 200 ක් ගහයි, හැබැයි අපිට ඕන 200 ක් ගහන කෙනාට වඩා විකට් එකේ වැඩිවෙලාවක් ඉන්න කෙනෙක් කියලා. එතකොට මම පෙරළා ප්‍රශ්න කළා ඔහු 200 ක් ගැහුවේ විකට් එකේ ඉඳන් නෙමෙයිද, අහසේ ඉදන්ද කියලා.

ජාතික අවශ්‍යතාවය එක්ක ඉදිරියට යන්න උපරිම සහයෝගය ලබාදෙනවා. අසාධාරණයි කියලා මතුවුණ සියලු කාරණා අවම කරන්න විතරයි අපි මැදිහත්විම් කරන්නේ’’

– ada

188 views

8 Comments to “කුසල් ජනිත් 200ක් ගහන්නේ අහසේ ඉදන්දැයි ඇහුවා..”

  1. Saibal says:

    Amathuthuma, are kalin hitiya Badulleee wachala emathiwagee Iskooleee kabbooo, agameee set ekai, wedaberi pauleee puthaala tikai daaala Gahamu!!

  2. හැරවුම් ලක්‍ෂය...🥵🥵 says:

    පියවර 4 ඔස්සේ මේ රට මුස්ළිම් රාජ්‍යක් කිරීමේ දරුණුම සැළැස්මක් අනාවරණය විය…!
    මෙහි මොළකරුවන් ලෙස ” අසාද් සාලිය ” හිස්බුල්ලා ” රිෂාඩ් ” බව අනාවරනය විය..!

  3. Nalin says:

    වැඩක් නෑනේ ඇමතිතුමෝ ඔය ක්‍රීඩකයින්ගෙන් මුදල් අරගෙන ටීම් එකට දාපු එකා තාමත් තේරීම් කමිටුවේ සබාපති. ඔහුට ප්‍රබල දේශපාලන පවුලකට සම්බන්දයක් තිබෙන නිසා ඔබට ඔහු ඉවත් කිරීමට බෑ. මූ තමා හරින් වත් අනාතකලේ.

  4. Devaka says:

    සිලෙක්ස්ෂන් කොමිටි එකේ ඉන්න අසන්ත ද මෙල් ලෝක කුසලානයට ගිය බොහෝ ක්‍රීඩකයින්ගෙන් ඔහුන්ට ලබුනු මුදලින් කොටසක් ගත්ත ඇතම් ක්‍රීඩකයෝ 50% දීල. සිරන්තිගේ නෑයෙක් කියල පුරසාරම් දොඩවනවා. ඒ නිසා එලවන්ඩ බැරිලු.

  5. George says:

    2019 වසරේ ලෝකයේ හොදම ටෙස්ට් ඉනිම ක්‍රීඩකල ක්‍රීඩකයාට හිමි සම්මනය ලැබුනේ කුසල් ජනිත්ට. එම වසරේම තිබුනු සිම්බාබේ සංචාරයෙන් කුසල් ජනිත් කපල දම්ම. මේ වගේ අධමයින් තමා ක්‍රිකට් බෝඩ් එකේ ඉන්නේ. තේරීම් කමිටුවේ උන් තාමත් යහමින් වැජබෙනවා. ක්‍රීඩකයින් සූරියවැවට බස් එකේ යද්දී මේ හොර සෙට් එක ප්ලේන් එකේ ගියා.

  6. Janaranjana says:

    අප ජාත්‍යයන්තරයට ගෙනයාමට හැකි එකම ක්‍රීඩාව ක්‍රිකට්. ෆුඩ්බෝල් වගේ ක්‍රීඩාවකින් ජාත්‍යන්තර මට්ටමට ඒමට තව වසර 100ක් වත් ගතවේ. මේ තත්වය උඩ මේ ක්‍රීඩාවද නුදුරේදීම විනාස මුඛයට යෑම නොවැලැක්විය හැකිය. දූශන වලින් පිරි මෙම ආයතනය ජනාදිපති තුමාගේ අදීක්ශනය යටතට ගෙන පරිපාලනය රොශාන් මහානාම රන්ජන් මඩුගල්ල වගේ හොරකම් නොකරන මහත්වරුන් අතට පත් කලයුතුය. ක්‍රිකට් ක්‍රීඩා ඇමතිගෙන් ඉවත්කල යුතුයි.

  7. diful says:

    Do we need ministers like this.
    Ministers should formulate an independent mechanism. Rathar than interfering to individual case.
    Please learn from viyathmaga.
    All these Mahinda clan should be defeated.

  8. kkuruwita says:

    Thank you, Hon Min. of Sports You are doing it right. !

Main News