කුසල්-දික්වැල්ල-ධනුෂ්කට සහනයක්.. නිර්දේශිත දඬුවම් ලිහිල් කරයි.. නියම කල දඬුවම් මෙන්න..

July 30, 2021 at 9:12 pm | lanka C news
කුසල්-දික්වැල්ල-ධනුෂ්කට සහනයක්.. නිර්දේශිත දඬුවම් ලිහිල් කරයි.. නියම කල දඬුවම් මෙන්න..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක යන ක‍්‍රීඩකයන්ට නිර්දේශ කරන ලද දඬුවම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

ඔවුන්ට එල්ල වී ඇති විනය විරෝධී චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ කමිටු නිර්දේශ මත පදනම්ව ‍ශ‍්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් තීරණය කර ඇත්තේ ඔවුන්ට මෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීමටයි.

  • රුපියල් මිලියන 10ක් බැගින් දඩ
  • වසරක ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් හා මාස හයක දේශීය තරග තහනමක්
  • වසරක ජාත්‍යන්තර තරග තහනමින් පසුව තවත් වසරක ජාත්‍යන්තර තරග තහනමක් පනවා එය වසර දෙකකට අත්හිටුවා ඇත
  • ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් නිර්දේශ කරන වෛද්‍යවරයෙකු යටතේ අනිවාර්ය මනෝ උපදේශනය

කෙසේ වුවද ඔවුන් එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුල බිඳිමින් විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් සිදු කිරීමට පත් කර තිබූ විනය කමිටුව විසින් නියම කර කුසල් මෙන්ඩිස් හා දනුශ්ක ගුණතිලක වසර දෙකක ක්‍රිකට් තහනමක්ද නිරෝෂන් දික්වැල්ල මාස සඳහා 18ක ක්‍රිකට් තහනමක් ද ඔවුන් තිදෙනාට එක් අයෙකුට ඩොලර් 25,000 බැගින් දඩයක් ද ලෙසයි.

කෙසේ වෙතත් අවසන් බලධාරියා වන ක්‍රිකට් විධායක කමිටුව විසින් එම නිර්දේශිත දඬුවම් තරමක් ලිහිල් කර ඇත. නමුත් ඔවුන්ට පනවා ඇති දඩය ලක්ෂ 50 කින් පමණ ඉහළ දමා ඇත.

74,734 views

10 Comments to “කුසල්-දික්වැල්ල-ධනුෂ්කට සහනයක්.. නිර්දේශිත දඬුවම් ලිහිල් කරයි.. නියම කල දඬුවම් මෙන්න..”

  1. අපොයි says:

    මුන් නම් ආයිත් ලංකාවෙ කිකටි වලට ඵපා.

  2. කැලණියේ නයා says:

    අන්තිමේදි මාස කීපයක් ගිහින් වගේ වගක් නැතුව මුන් ඉන්ටනැසනල් මැච් එහෙක සෙල්ලම් කලත් පුදුම වෙන්න එපා වැරදි කරපු එකෙක්ට උට සල්ලි බලේ තියේ නම් නිදහස මිස දඩුවම හිමි රටක් නෙමේ මේක.

  3. Rickman says:

    මුන්ව නම් කණ්ඩායමකට ගන්න එපා..කාලකණ්ණි ටිකක්

  4. පරිප්පුවා says:

    මොන මගුලකටද මුන්ගේ දඩුවම් ලිහිල් කරලා තියෙන්නේ. මුන් තුන්දෙනා මහ රෑ දඩාවතේ ගියා විතරක් නොවේ මුලු රටම අපකීර්තියට පත් කලා. එකෙන් කන්ඩායමේ උපනායකයා වෙලත් විනය ගැන කිසිම හැගීමක් තිබුණේ නැහැ. අවුරුදු දහයකට වැඩි කරන්න තිබුණේ. තාමත් බෝන් එගේන් කාලකණ්ණි හැතිකරේ ක්‍රියාත්මක වෙනවා වගේ. මුන්ව ආපසු ක්‍රිකට් වලට ගන්න එපා.

  5. පල්ලි සල්ලි says:

    මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තුල ක්‍රියාත්මක වන බෝර්න් අගේන් බලවේගය කොතරම් බලවත්ද යන්න මෙයින් හොඳින් පෙනේ. දඬුවම් කාලය අඩු කිරීම වසා ගැනීමට, බොරුවට දඩ මුදල වැඩි කර ඇත. දඬුවම් කාලය අඩු වූ කල නැවත ඉක්මනින්ම වැටුප් ලැබෙන නිසා එය එතරම් ප්‍රශ්නයක් නොවේ. ඇරත් බෝර්න් අගේන් ෆන්ඩ්ස් වලින් ඔය දඩ මුදල් ගෙවා දැමෙනවා ඇත. අවශ්‍ය වනුයේ වහවහාම නැවතත් ක්‍රිකට් කණ්ඩායම තුලට රිංගා ගැනීමයි. එය මැනවින් ඉටු කර ගෙන ඇත. ක්‍රිකට් ලෝලීන්ව නැවතත් වතාවක් ගොනාට අන්දා ඇත.

  6. පබිලිස් says:

    හරියට ම අවුරුද්ද ක් පිරෙන දවස ට කකුල් දෙක පන නෙති උනත් උප නායක කම නෙවත දී ටීම් එකට ගන්නවා.
    ඔය ඔක්කොම පාස්ටර් ට බයයි බොල

  7. පබිලිස් says:

    හරියට ම අවුරුද්ද ක් පිරෙන දවස ට කකුල් දෙක පන නෙති උනත් උප නායක කම නෙවත දී ටීම් එකට ගන්නවා. ඔබට නෙවත බින්දු වෙස්සක් බලාපොරොත්තු ව සමගින් ස්‍රි ලoකා ක්‍රිකට්
    ඔය ඔක්කොම පාස්ටර් ට බයයි බොල

  8. p.d gonawardena says:

    විනය කමිටු නිර්දේශ දුන්නම විධායක කමිටුව කියල එකකින් ඒවා අඩු වැඩි කොරනව​….කාවද මේ රවටන්නේ???? විනය කමිටු ඕනි නැහැ උබලම ඕක කියපල්ලකෝ….නියම බබාහුකුන් පාර නේද​?? මුන් තුන් දෙනාගෙන් විධායක කමිටුවද මොකක්ද කියන එක ජරාව කාල වගේ……ඔහොම යනකොට බින්දුසාරයා ආයිත් ප්‍රොමෝෂන් එකක් එක්ක ටීම් එකට ඒවි….

  9. david milibanda says:

    This time who took the BRIBE ? SLC
    Sri Lanka continued to play test Cricket without these stalwarts after the rebel Tour. Ajith Silva/ Opatha/Anura Ranasinghe/Kaluperuma/ Bandula warnapura.
    HOW IS BALL SCRATCHING DICKWELLA/ MUDERER KUSAL MENDIS & DANUSHKA become indispensible to SL Cricket???
    Minister Namal – SACK the SLC Executive Committee & dismiss the Disciplinary Committee for soft peddaling on the Durham Trio when the Cricket Loving Public is demanding harsh punishment??????????????????????
    wHAT DAMN BULL SHITTING IS THIS ?

Main News