කුසල්-ධනුෂ්ක-නිරෝෂන්ට වසර දෙකක් තෙක් ක‍්‍රිකට් තහනමක්…

July 29, 2021 at 6:38 pm | lanka C news
කුසල්-ධනුෂ්ක-නිරෝෂන්ට වසර දෙකක් තෙක් ක‍්‍රිකට් තහනමක්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක හා නිරෝෂන් දික්වැල්ලට ක්‍රිකට් තහනමක් පැනවිමට නිර්දේශ වී ඇත.

උපනායක කුසල් මෙන්ඩිස් සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර දෙකක ක‍්‍රිකට් තහනමක් සහ ඩොලර් 25,000ක දඩයක් නිර්දේශිතය.

කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පැනවිමට නිර්දේශ වී ඇත්තේ මාස 18ක් තහනමක් සහ ඇමරිකානු ඩොලර් 25000ක දඩයකි.

දික්වැල්ලගේ දඬුවම මාස හයක ලිහිලක් ලැබී ඇත්තේ ඔහුගේ පළමු විනය කඩ කිරීම හේතුවෙනි.

ඔවුන් සම්බන්ධයෙන් ගන්නා පියවර නිර්දේශ කිරීමට පත් කරන ලද කමිටුව මගින් මෙම නිර්දේශ කර ඇත.

මෙම නිර්දේශ සම්බන්දයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ තීරණය ඉදිරියේදී දැනුම් දිමට නියමිතව ඇත.

පසුගියදා නිමාවූ එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුලෙන් පිටතට පැමිණ විනය විරෝධීව හැසිරීම සම්බන්ධයෙන් ඔවුනට චෝදනා එල්ල විය.

ඔවුන් වහාම එම තරගාවලිය අත්හිටුවා ශ්‍රී ලංකාවට කැදවා විනය පරීක්ෂණයක් කැදවීමට ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.

 

53,747 views

28 Comments to “කුසල්-ධනුෂ්ක-නිරෝෂන්ට වසර දෙකක් තෙක් ක‍්‍රිකට් තහනමක්…”

  1. කොන්කානිස් ජොන් බැප්ට්ස් says:

    සදාකාලිකවම ක්‍රිකට් තහනම් කරලා පල්ලීයේ ෆාදර් කරමු මුන්ට ඇතිවෙන්න කුරැස ගහන්න පුළුවන් එතකොට.

  2. david milibanda says:

    සදාකාලිකව ක්‍රිකට් තහනම් කරන්න බැරිද මුන් තුන්දෙනා ට.
    Cricket public must remember how the Rebel Cricketers were punished during Gamini Dissanayake’s time.
    Give this TRIO a (05) years suspension in addition to a fine OR the Cricket Disciplinary Committee must Resign.
    as they have shown they are incompetent to order stringent punishment in keping with the Offence.
    Breaking a Bio Bubble is a serious issue these days,

  3. BNV says:

    Rajapakse gang will lift the ban. They will not get proper punishment . All just drama. We are just watching it

  4. ජෝන්ටි says:

    අවංකව මම ක්‍රිකට් ලෝලියෙක් නෙවේ …. මෙයා ලා ගේ නිර්දේශේ ක්‍රියාත්මක කරනවා නං …. කරගන්න කියලා

    මල්ලී ලා , තද තරු නං .. මේ කාලේ වෙන රටකට ක්‍රීඩා කරන්න . county cricket ගහන්න , ආතල් ගන්න ගමං ගේම් එකේ ම ඉන්න , තමුන්ගේ පවුලට හොඳ අනාගතයක් ප්ලෑන් කරගන්න , සල්ලි ටිකක් හම්බ කරන ගමං ම .

    කාලයා ගේ ඇවෑමෙන් ඔයාලා හොඳට colours පෙන්නුවොත් , ලංකාව ට ගන්නේ කර පිටින් ,

    ජය !

  5. Sooraya says:

    Gooooooooood.
    Akusal 0000000000=0
    😝😝😝😝😝😝😝😝

  6. Ayotallah says:

    All 3 are young cricketers with a promising future Therefore SLC could have imposed a lenient punishment as these things happen due to their young age. Pl warn them and withdraw the punishment and warn them that again BORN again issues will kill their future

  7. සවි කාල says:

    සදහටම දුන්නොත් මොකෝ?
    පොඩි කොල්ලා ටික වැඩේ කරගෙන යයි. මුන් ආවොත් ආයේ අල වෙයි.

  8. ගිජුලිහිණි සංදේශය says:

    දමනා නොහැක සැමගේ ඇස වැලි අහුරු
    නොමනා කම් කලොත් කිතු ගොස වේ සිදුරු
    හමනා සුළඟ ලැව් ගින්නට වේ මිතුරු
    නිවනා ගෙයි පහන එයමය පසමිතුරු

  9. සකු says:

    ඔතන ලොකු ම වෙරදි කරු කුසල් මෙන්ඩිස් ෆේල් වෙලා ඉන්න කොට උප නායක කම දීල ටීම් එකට ගන්න කොට ස්‍රි ලoකා ක්‍රිකට් වල පල්ලට ගිහිල්ල තියන කොට කට්ටිය එක්ක night club යනවා.

Main News