කුසල් මෙන්ඩිස් අනතුරෙන් මිය ගිය අයගේ පවුල ඉල්ලූ වන්දිය රුපියලක් අඩු නැතිව දෙයි..

July 6, 2020 at 10:32 pm | lanka C news
කුසල් මෙන්ඩිස් අනතුරෙන් මිය ගිය අයගේ පවුල ඉල්ලූ වන්දිය රුපියලක් අඩු නැතිව දෙයි..

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් පදවන ලද මෝටර් රථයට යටවී මියගිය පුද්ගලයාගේ පවුල් සඳහා ඔවුන් විසින් ඉල්ලා සිටි සියලුම වන්දි මුදල ගෙවීමට ඔහු එකග වී ඇත.

පානදුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විසින් අදාළ පුද්ගලයාගේ බිරිඳ ඉල්ලා තිබුණේ රුපියල් ලක්ෂ දහයක වන්දි මුදලකි.

එම මුදල සම්පූර්ණයෙන්ම ගෙවා දැමීමට කුසල් මෙන්ඩිස් එකඟ වී ඇත.

අධිකරණය විසින් ඔහු ඇප මත මුදාහැර ඇති අතර රිය පැදවීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

0 views

55 Comments to “කුසල් මෙන්ඩිස් අනතුරෙන් මිය ගිය අයගේ පවුල ඉල්ලූ වන්දිය රුපියලක් අඩු නැතිව දෙයි..”

  1. Gamini Madhuraarachchi says:

    පුදුම විදිහට දුක හිතුනා අර පොඩි එකා අඬන කොට අනේ අපිට දැන් කව්රුවත් නැහැ කියල . ඒ අහිංසක මිනිස්සුන්ට මිනිය තියා ගන්න ඉඩ නැහැ. කුලී ගෙදරක ඉන්නේ. මුන්ට කාලා බීලා වැඩිවෙලා සෙල්ලමට අහිංසක මිනිස්සු මරනවා. ලංකාවේ නීතිය ලොකු එවුන්ට එකක් පොඩි එවුන්ට එකක්. ලක්ෂ 10 දීල බේරිලා යන්න ලැජ්ජා නැද්ද මුට. මූ නම් තිරිසනෙක්. අද කාලේ ලක්ෂ 10 කියන්නේ මොකක්ද . අර අහිංසක මිනිස්සුන්ට ළමයි 4 ඉන්නවා. ගෙයක් නැහැ. පිය සෙනෙහස අහිමි උනා. හරි නම් මූ ලක්ෂ 50 වත් දෙන්න ඕනේ අර අහිංසක මිනිස්සුන්ට. මූ සල්ලි නැති මිනිහෙක්ද discovery යක් පැදලා අහිංසක තාත්තා කෙනෙක් මරල ලක්ෂ 10 දීල බේරෙන්න හදන්නේ.

Main News