කුසල් මෙන්ඩිස් ඇප මත නිදහස්.. රිය පැදවීම තහනම්..

July 6, 2020 at 12:00 pm | lanka C news
කුසල් මෙන්ඩිස් ඇප මත නිදහස්.. රිය පැදවීම තහනම්..

අධිකරණයට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු කුසල් මෙන්ඩිස් ඇප මත නිදහස් කිරීමට නියෝග කර ඇත.

ඔහු නිදහස් කර ඇත්තේ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

ඔහුගේ රිය පැදවීම් බලපත‍්‍රය අධිකරණය විසින් අත්හිටුවා ඇත.

ඊයේ පෙරවරුවේ පානදුර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියයාම නිසා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ද ඉදිරිපත් කරන ලදී.

510 views
Main News