කුහකයන් බෝම්බ පුපුරන තෙක් බලා සිටියා..- ජනාධිපති

May 12, 2019 at 12:00 pm | lanka C news
කුහකයන් බෝම්බ පුපුරන තෙක් බලා සිටියා..- ජනාධිපති

ත‍්‍රස්තවාදය හේතුවෙන් තමා කිසිඳු පසුබෑමකට ලක් නොවන අතර ත‍්‍රස්තවාදය අවසන් කර, යහපත් සාමකාමී රටක් ගොඩනැඟීමේ වගකීම අවංකව ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

එහිදී ආරක්ෂක අංශ විශිෂ්ට මෙහෙවරක් ඉටුකරමින් සිටින අතර ත‍්‍රස්තවාදය නිමාකර සාමකාමී රටක් ගොඩනැඟීමේ ගෞරවය ති‍්‍රවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ ඇතුළු සියලුදෙනාට හිමිවන බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

එමෙන්ම අපේ‍්‍රල් 21 වනදා සිදුවීමට වගඋත්තරකරුවන් වන ඕනෑම අයෙකුට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ උහන මහා විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේ පැවති ‘රට වෙනුවෙන් එකට සිටිමු’ සංවර්ධන වැඩසටහන් මාලාවේ අම්පාර දිස්ති‍්‍රක් වැඩසටහනේ අවසන් ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙවන් ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ට ලක් වූ ලොව සෑම රටකම පාලකයන් විසින් ඉතා කෙටි කලක් තුළ එම රටවල් සාමකාමී රටවල් බවට පත්කර ගැනීමට පියවර ගත් අතර ඊට එම රටවල දේශපාලනඥයන් රාජ්‍ය නිලධාරින් ඇතුළු සියලුදෙනා සාමුහිකත්වයෙන් රට වෙනුවෙන් අත්වැල් බැඳගෙන සිටි බවයි.

තමා ද රාජ්‍ය නායකයා ලෙස මේ රටේ ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් ගෙවී ගිය දින 20 පුරා ඔවුන් නිසි කළමනාකරණයකට ලක් කළ බව කියා සිටි ජනාධිපතිතුමා එම වගකීම ආරක්ෂක අංශ විසින් ඉතා විශිෂ්ට ලෙස ඉටුකර තිබෙන බවත් තමාට මෙන්ම මේ රටේ සෑම පුරවැසියෙකුටම අපගේ ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසය තැබිය හැකි බවත් සඳහන් කළේය.

එහෙත් කනගාටුවට මෙන් බෝම්බ පුපුරන තෙක් බලා සිටින කුහක දේශපාලනඥයන් පිරිසක් ද අද රට තුළ සිටින අතර මෙවන් අවාසනාවන්ත තත්ත්වයක දී වුවත් තම පහත් පෙළේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට ඔවුන් දරන උත්සාහයන් පිළිබඳ තමන් දැඩිව කනගාටුවට පත්වන බව ජනාධිපතිතුමා කියා සිටියේය.

ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙවන් සිදුවීම් හමුවේ රටේ සංවර්ධන වැඩපිළිවෙළ හා දෛනික ජන ජීවිතය අඩාළ කරගතහොත් ජයග‍්‍රහණය කරන්නේ ත‍්‍රස්තවාදය බවයි.

එබැවින් ජාතික ආරක්ෂාව කෙරෙහි පූර්ණ විශ්වාසය තබමින් රට වෙනුවෙන් තම දෛනික කාර්යයන් නිසි ලෙස ඉටුකිරීමට සියලුදෙනා කැපවිය යුතු බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ජනතාව වෙනුවෙන් සංවර්ධන වැඩපිළිවෙළ කිසිදු ප‍්‍රමාදයකින් තොරව ඉදිරියට කි‍්‍රයාත්මක කළයුතු බවත් එහිදී මෙරට ලක්ෂ 16ක් වූ රාජ්‍ය සේවකයින්ට පෙර පැවති වගකීමට වඩා වැඩි වගකීමක් පැවරී ඇති බවත් සඳහන් කළේය.

ජනතා ගැටලු කාර්යක්ෂමව හඳුනා ගනිමින් ඒ සඳහා කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ලබා දීමේ අරමුණින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් අනුව “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන අතර, ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය යටතේ කි‍්‍රයාත්මක කර ඇති ජාතික වැඩසටහන් ඇතුළු අමාත්‍යාංශ මට්ටමින් කි‍්‍රයාවට නංවා තිබෙන සංවර්ධන ව්‍යාපෘති වඩා වේගවත් සහ විධිමත් කරමින් ජනතාවට උපරිම ප‍්‍රතිලාභ ලබාදීම ද වැඩසටහනේ අරමුණයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිතුමා කියා සිටියේ සංවර්ධනයෙන් අඩු දිස්ති‍්‍රක්ක තෝරා ගනිමින් දීප ව්‍යාප්තව මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම අරමුණ බවත් මීළඟ වැඩසටහන මුලතිව් දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට අපේක්ෂා කරන බවත්ය.

නැගෙනහිර පළාතේ සංවර්ධනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා උහන මහා විද්‍යාලය ජාතික පාසලක් බවට පත් කිරීමට ඉදිරි මසක් තුළ පියවර ගන්නා බවත් එහි සංවර්ධනය වෙනුවෙන් ලබන සතිය වන විට රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට කටයුතු කරන බවත් කියා සිටියේය.

“ශ‍්‍රී ලාංකීය සමාජ, ආර්ථික හා සංස්කෘතික පුනරුදය වෙනුවෙන් පොදුජන මෙහෙවර සමග එකට සිටිමු” තේමාව යටතේ දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක වන ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහන් මාලාවේ තුන්වන අදියර අම්පාර දිස්ති‍්‍රක්කය කේන්ද්‍රකර ගනිමින් පසුගිය 06 වනදා ආරම්භ කෙරිණි.

උහන, අක්කරෙයිපත්තු, අම්පාර, කල්මුණේ, පොතුවිල්, සයින්දමර්දු, තිරුක්කෝවිල්, දමන ඇතුළු දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ම ආවරණය කරමින් ජන ජීවිතය නඟා සිටුවීම වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ඒ යටතේ කි‍්‍රයාත්මක කෙරුණු අතර පාසල් සිසුන්, වැඩිහිටි හා තරුණ ප‍්‍රජාව, විශ‍්‍රාමිකයන්, රාජ්‍ය නිලධාරින්, රාජ්‍ය නොවන ආයතන හා ස්වේච්ඡා සංවිධාන මට්ටමින් ජනතාව සිංහල, දමිළ හා මුස්ලිම් භේදයකින් තොරව විශාල උනන්දුවකින් යුතුව මෙම වැඩසටහන් සඳහා එක්ව සිටිනු දක්නට ලැබිණි.

දෙදහස් එකසියයකට අධික වූ මෙම සංවර්ධන හා සේවා ව්‍යාපෘති සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 92 ක් වන අතර ප‍්‍රතිලාභී පවුල් සංඛ්‍යාව හාරලක්ෂ පනස්දහස ඉක්මවයි. දිස්ති‍්‍රක්කයේ සංවර්ධනය වෙනුවෙන් තවත් රුපියල් මිලියන 130ක් වැය කරමින් වැඩසටහන් රැසක් ඉදිරියේ දී කි‍්‍රයාවට නැංවීමට නියමිතව තිබේ.

– ජනාධිපති මාධ්‍ය අංශය

32 views

11 Comments to “කුහකයන් බෝම්බ පුපුරන තෙක් බලා සිටියා..- ජනාධිපති”

  1. SL says:

    පාර්ලිමේන්තුවේ ඉන්න පරයෝ ඔක්කොම එකයි ,එකෙක් තවම නීතු රෙගුලාසි ගෙනල්ල මේ අන්තවාදී පිස්සු බල්ලන්ගේ ආගමික අන්තවාදය නවත්වන්න අවශ්‍ය දේ කලේ නැහැ .

    • නිමල් says:

      කාදිනල් තුමාට තියෙන මානසික ශක්තිය මේ මුදල් කෑදර බල කෑදර දේශපාලුවන්ට නෑ මුන් රටේ ත්‍රස්තවාදය වලක්වන්න අවශ්‍ය නීති ගෙන්න බය එකයි .ලෝකෙටම විෂබීජයක් වෙලා තිබෙන මතවාද වපුරන මද්රාසා පාසල් තහනම් කරන්න රටේ ත්‍රස්තවාදය වපුරන දේශපාලුවෝ තුන්දෙනා අත් අඩංගුවට අරගෙන හිරේ දාන්න ,ආයුද ළඟ තබාගෙන හිටපු උන්ව හිරේ දාන්න මුන් බය ඒකයි.

    • Lal says:

      President Sirisena has kept all the seasoned politicians under control. They are scared to say anything against him. Today this country is run by this dictator. Country is in mess because of this one person’s dictatorship rule. Who is paying for this?

  2. Sena says:

    owwa ahalama epa wela.oyalatah wena monawath nedda liyanna.aduma tharamin Nihal Nelson ge bailawath.

  3. Sun says:

    Some think it is the freedom. But for me it is not we are just puppets dancing according to their rhythm. We cannot go beyond as the are creating problems from out side. But their hearts are boiling and stranded in the world of fools.

  4. chitral says:

    What happen to the report submitted to you.

  5. Gayantha says:

    ඔයා බබා ? ඔක්කොම දැනගෙන දැන් බබා වෙන්න හදනවා.

  6. Asela says:

    You are the most vicious person. Should go home without destroying the country. You will never be a candidate.

  7. සකල බුජං says:

    ඔබතුමා කිසිවක් නොකියා නිහඬව ඉන්නේ නම් ඔබතුමාගේ ගෞරවයත් ,අපේ ගෞරවයත්, රටේ ගෞරවයත් අනිවාරයෙන්ම ආරක්‍ෂා වන බව අපේ හැඟීමයි.ඔබට තෙරුවන් සරණයි.

  8. හිටන්ගෙදර අප්පුහාමි says:

    කන්නාඩියක් ඉස්සරහ තියාගෙනද කතාව පැවැත්තුවේ.

Main News