කුළුණු මතින් වරාය පිවිසුම් මාර්ගයක්.. කිලෝ මීටර් 5.3යි.. වියදම බිලියන 28යි…
March 20, 2022 at 4:40 pm | lanka C news
ඉඟුරුකඩේ මංසන්ධියේ සිට ගාලුමුවදොර වරාය නගරය දක්වා කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කර 2023 වසරේ දී අවසන් කර , ජනතා අයිතියට පත්කල යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ පසුගිය දා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් වල ප්‍රගතිය පිලිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදීය.
කුළුණු මත ඉදිකරන වරාය පිවිසුම් මාර්ගයේ ඉදිකිරීම් ආරම්භවූ මුල් වසර දෙක ඇතුලත එහි ඉදිකිරීම් ඉතාමත් මන්දගාමී අයුරින් සිදු වුන බැවින් ඉදිකිරීම් වල ප්‍රගතිය 7% ක් වැනි අඩු ප්‍රමාණයක තිබිණි. නමුත් 2022 වසරේ මුල් කාර්තුව වන විට සමස්ථ ඉදිකිරීම් වල ප්‍රගතිය 32% බවත් , ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට භාවිතා කරන නව තාක්ෂණික ක්‍රමවේදයක් වන පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් සවි කිරීමේ කටයුතුද මේවන විට අඛන්ඩව සිදු කරන බවත් ව්‍යාපෘති අධ්යක්ෂ ඉංජිනේරු කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා විසින් අමාත්‍යවරයා දැනුවත් කරන ලදි.
කොළඹ වානිජ නගරයට ප්‍රවේශ වීමේදී පවතින අධික රථවාහන තදබදයට ස්ථාවර පිළියම් ලෙස ඉඟුරුකඩේ මංසන්ධියේ සිට අභිනව වරාය නගරයට පිවිසීමට කුළුණු මතින් අධිවේගී මාර්ගයක් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කරන ලදි. මෙම මාර්ගයේ ඇති සුවිශේෂත්වය නම් පරිසර හිතකාමීව කුළුණු මතින් ඉදිකිරීම් සිදු කිරීමයි.
කුළුණු මතින් දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ දුර කි.මි 5.3 ක් වේ. මංතීරු 4 ක් යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි. ඉඟුරුකඩේ මංසන්ධියෙන් ආරම්භ වී ගාලුමුවදොර වරාය නගරයෙන් අවසන් වන මෙම මාර්ගයේ ඉදිකිරීම් සඳහා රු.මිලියන 28,002 ක මුදලක් වැය කෙරේ.
මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාර්යේ අධීක්ෂණය යටතේ චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාව මඟින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලබයි. කුළුණු මත ඉදිවන අධිවේගී මාර්ගය පිවිසුම් 5 කින් සමන්විත වේ. ඒවා නම් ඉඟුරුකඩේ පිවිසුම ,පිටකොටුව විමලධර්ම ආයතනය අසල පිවිසුම , අලුත් මාවතේ පිවිසුම , ගාලුමුවදොර පිවිසුම සහ වරාය නගරයට ඇතුළු වීමේ පිවිසුම වේ. මෙම අධිවේගී මාර්ගය වරායේ සිට බාධාවකින් තොරව කන්ටේනර් බහලුම් ප්‍රවාහනය සඳහා නව ප්‍රවේශ මාර්ගයක් වේ. ඉඟුරුකඩේ මංසන්ධිය අසල පිවිසුමේ දී මෙම කුළුණු මත ඉදිවන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය නව කැලණි පාලම මතින් පැමිණෙන මාර්ගය හා සම්බන්ධවේ.
මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර.ඩබ්.ආර්.පේමසිරි , මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් , වරාය පිවිසුම් අධිවේගී මාර්ග ව්‍යාපෘති අධ්යක්ෂ කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි , චීන සිවිල් ඉංජිනේරු ඉදිකිරීම් සංස්ථාවේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
Hudson ? Mud-son ! Horu kawadath , horunta ekathuya. Katuwak hari lewakanna labenawa athi ne !!
රටේ ජනතාව හිගා කෑවත් තොපි පාරවල් හදපියව් ඒවගෙන්නේ තොපිට කොමිස් ගහන්න පුලුවන් කාලකන්නි හැත්ත
මේ වගේ වැඩ වලට බුරන බල්ලො ඒවා කරන්නෙත් නෑ, කරන ගොනාට කරන්න දෙන්නෙත් නෑ. කොමිස් කාලා, පගා ගහලා, පන්දම් අල්ලලා පුරැදු එවුන් හිතන්නෙ අනිත් හැම එකාම තමුන් වගේ දූෂිතයි කියලා. අවුරැදු 5ක් දුන්නා හොරැ අල්ලන්න, කිඹුල්ලු, ජෙප්පො, බැක්යිසඩ්ලා ආදී මෙකී නොකී හැම එකාටම බලය දුන්නා, ආසාවට එක හොරෙක් ඇල්ලුවාද? ඔය වගේ නිකං බුරන බල්ලො පිරිච්ච රටක් මේක. ඒකාධිපතියෙක් නැතුව මේ රට හදන්න බෑ.
කුට්ටිය හොඳයි තව තවත් ගිල්ලලවපල්ලා නය ආකාරයේ 😡