කූට ගැසට් නිවේදනය ගැන නිකුත් කල මාධ්‍ය නිවේදනය මා දැක්කේ පත්තරෙන්..- මුදල් අමාත්‍යංශ ලේකම්
February 28, 2017 at 7:06 am | lanka C news
ප්‍රශ්නගත ගැසට් නිවේදනය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද මාද්‍ය නිවේදනය සම්බන්ධයෙන් තමන් කිසිත් නොදන්නා බව මුදල් අමාත්‍යංශයේ ලේකම් ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ප්‍රශ්නගත බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමිනි.
තමන්ද එය දුටුවේ මාධ්‍ය හරහා බවද සදහන් කල මුදල් අමාත්‍යංශ ලේකම්වරයා එය කවුරුන් විසින් නිකුත් කලේදැයි තමන් නොදන්නා බවද පැවසීය.