කූඨ ගැසට් පත්‍රය මුද්‍රණය කලේ 2016 දෙසැම්බරයේදී.. මුද්‍රණාලයාධිපති සාක්ෂි දෙයි.. බැදුම්කර හොරුන් රත්වෙයි..
February 27, 2017 at 2:10 pm | lanka C news
ප්‍රශ්නගත බැඳුම්කර නිකුතුවට අදාල ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මහජන ණය දෙපාර්තමේන්තුව විසින් දන්වනු ලැබුවේ 2016 වසරේ දෙසැම්බරයේදී බව රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් සදහන් කර ඇත.
බැදුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ අද දිනයේ ප්‍රකාශක් ලබා දෙමින් රජයේ මුද්‍රණාලාධිපතිනි ගංඟානි කල්පනා ලියනගේ මහත්මිය මේ බව පවසා තිබේ.
අදාල ගැසට් පත්‍රය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නමින් මුද්‍රණය කරනු ලැබුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ උපදෙස් මත බවද සදහන් කර ඇති ඇය මුදල් අමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ නම එම ගැසට් නිවේදනයේ තිබීම පිළිබඳ නැවතත් විමසූ බවත් එවිටද රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව උපදෙස් දුන්නේ එම නම සහිතව ගැසට් නිවේදනය මුද්‍රණය කරන ලෙස යයිද ප්‍රකාශ කර ඇත.
ප්‍රශ්නගත ගැසට් නිවේදනයේ අන්තර්ගත විය යුතු තොරතුරු රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ එන්.ජී.වයි.සී. විරසිංහ නම් නිලධරියා විසින් 2016 වසරේ නොවැම්බර් 18 වන දින ලිඛිතව රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට ලබාදුන්නේ යයිද මුද්‍රණාලයාධිපතිනිය ප්වැඩි දුරටත් සදහ්න කර තිබේ.