කූරගල පුනර්ජීවයේ.. පූජා වස්තු තැන්පත් කෙරේ…

January 18, 2022 at 6:12 am | lanka C news
කූරගල පුනර්ජීවයේ.. පූජා වස්තු තැන්පත් කෙරේ…

යලි පුනර්ජීවය ලද කූරගල ඇසිදිසි සුගත මහා සෑයේ පූජා වස්තු, ඡායාරූප සහ පුරාවස්තු තැන්පත් කිරීමේ උත්සවය ඉරිදා (16) දින පැවැත්විණි. කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ මුලිකත්වයෙන් සැදැහැවත් බෞද්ධයින්, යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ කැපවීම මත දිගුකලක් පුරාවට කිසිවෙකුගේ අවධානයට ලක්ව නොමැතිව ගරාවැටෙමින් පැවති බළංගොඩ, කල්තොට ප්‍රදේශයේ පිහිටි කූරගල ලෙන් විහාරය ලෙස ප්‍රචලිත පූරගල ලෙන් විහාරස්ථානයේ ශ්‍රී විභූතිය හා ඓතිහාසික උරුමය යළි පනගැන්වීය.

කූරගල විහාරස්ථානයේ හා නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන් විසින් මීට මාස 8 කට පමණ පෙර ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත සිදුකළ ආරාධනයකට අනුව යුද්ධ හමුදා භටපිරිස් විසින් මෙම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සිය දායකත්වය දැක්වූහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම ආගමික උත්සව අවස්ථාව අමතමින් ගරාවැටෙමින් පැවති මෙම පුදබිම කූරගල විහාරස්ථානයේ සහ නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමිපාණන්ගේ අනුශාසනා පරිදි සිය ගණනක යුද්ධ හමුදා භටපිරිස් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් දිවා රෑ නොබලා ලබාදුන් සුවිශේෂි දායකත්වය මත බෞද්ධ ජනතාවගේ අපේක්‍ෂාවන් මුදුන්පත් කිරීමට ඉඩහසර සැලසුනු බව සිහිපත් කළේය.

මෙම පුණ්‍යෝත්සවය සඳහා බැතිමතුන් විශාල පිරිසක් ද එක්ව සිටියහ

– Army media

13,504 views

5 Comments to “කූරගල පුනර්ජීවයේ.. පූජා වස්තු තැන්පත් කෙරේ…”

  1. Jagath says:

    දැන් ඉතිං අයෙත් සිංහල බෞද්ධ ආණ්ඩුව. 😄😄😄

  2. Darshana abayakoon says:

    මේව දකිනකොට 69 ලක්ශේ එකෙක් වීම ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ. ඔය ගෑස් පොලිම් වල, සිමෙන්ති පොලිම් වල, කිරිපිටි පොලිම් වල ඉන්න කුහක ජෙප්පොන්ට පෙනෙන් නැද්ද දන්නෑ මේ යොධ සංවර්ධනේ. බඩ ගැන විතරක් හිතන කාල කන්නි.

  3. ශිහාන් සිල්වා says:

    මේක වෙරදියි අවුරුදු ගානක් මේක මුස්ලිම් මිනිස්සු පාවිච්චි කරපු ලෙන් .ආගම් ජාති අනුව මේ රටේ බෙදීම් නවතනවා සජිත් ආවම රෝසි මෙතිනිය ලංකාදීප පත්තරේට කීව විදියටම අපේ වියවස්තාවෙන් බුදුදමට ප්‍රමුකස්තානය ලබාදෙන්නේය යන වගන්තිය හාමුදුරුවො කොච්චර විරුද්ද උනත් මොකක් හරි නූල් සූත්තරයක් දාල බල රහිත කරනවා ඊට පස්සෙ මේවගේ දේවල් සිද්දවෙන්නෙ නේ.

  4. The Funeral Director says:

    මෙි පෙුාජෙක්ටි වල සැබෑ අර්ථ⁣ය තේරැමි ගැනීමට අඩුම ගනනේ සෝවාන් විය යුතුය.

  5. දුන් ඡන්දයට වටිනාකමක් තියනවා. ආඩම්බරයි.

Main News