කෘතහස්ත රාජ්‍ය සේවකයකු වූ ලලිත් වීරතුංගට ඈපලය උඩ ඇප ලැබීම රාජ්‍ය සේවකයන්ට යම් අස්වැසිල්ලක්…

September 21, 2017 at 12:40 pm | lanka C news
කෘතහස්ත රාජ්‍ය සේවකයකු වූ ලලිත් වීරතුංගට ඈපලය උඩ ඇප ලැබීම රාජ්‍ය සේවකයන්ට යම් අස්වැසිල්ලක්…

පසුගිය රජය සමයේ ක‍්‍රියාත්මක කරන ලද බෞද්ධ උපාසක උපාසිකාවන් සදහා සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රීලංකාවේ 5 විධායක ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් තම ලේකම් කෘතහස්ත රාජ්‍ය සේවකයකු වූ ලලිත් වීරතුංගට මහතා විසින් ක්‍රියා කර ඇති ආකාරය සම්බන්ධව නිකුත් කලේය. Link

ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් එදා ජනාධිපතිවරයා විසින් අදාළ වර්ෂයේ ජනාධිපති කාර්යාලය විසින් සිදු කල යුතු කාර්යයක් නිසියාකාරව ඉටුකල බව ඉතා පැහැදිලි ය. එනම් ” 2014 මාර්තු 20 වනදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්ගේ අවධානය පිණිස තබන ලද ලිඛිත සටහනක ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුම යටතේ 2014 වසර තුළ ‍සිදුකල යුතු බවට මා විසින් නියෝග දුන් ව්‍යාපෘති අටක් පිළිබඳ විස්තර සටහන් කොට ඇත.

මේ ලැයිස්තුවේ 6 වෙනි අංගය වූයේ පෝය දිනවල පන්සල් වල සිල් ගන්නා බැතිමතුන්ට ද්‍රව්‍යමය ආධාර සැපයීමේ ව්‍යාපෘතියකි. එම ලැයිස්තුවේ තිබුණු සෙසු අංග අතර කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ පරිඝනක අංශයට හා කලින් මායිම් ගම්මාන වශයෙන් හැඳින්වූ ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් වලට නිවාස ඉදි කිරීමට ආධාර කිරීම වැනි ව්‍යාපෘති විය. 2014 මැයි 12 වනදා වීරතුංග මහතා සිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයාට සටහනක් තබමින් පවසා සිටියේ පෝය දිනවල සිල් ගන්නා බැතිමතුන්ට සිල්රෙදි බෙදා දිය යුතු බවට මම උපදෙස් දී ඇති බවයි. මේ ජනාධිපතිවරණය කැඳවීමට බොහෝ කලකට පෙරය. වසරකට රුපියල් මිලියන 1,000 ක මුදල් ප්‍රතිපාදනයක් සහිතව 2012 දී ආරම්භ කරන ලද ජනාධිපති විශේෂ සංවර්ධන මූලාරම්භ ගිණුමේ කාර්යභාර්ය වූයේ වෙනත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු වල වැඩසටහන් වල හිඩැස් පිරවීම හා ජනාධිපතිවරයාට ඍජුව කෙරෙන ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමයි. මේ යටතේ ආරම්භ වූ සිල්රෙදි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ආගමික කටයුතු සම්බන්ධීකරණ ලේකම් ධූරය දැරෑ වටිනාපහ සෝමානන්ද හිමියන්ය.” යන්න ය.

ඒ අනුව ඉහත ජනාධිපතිවරයාගේ තීන්දුව ක්‍රියාත්මක කිරිම නිසා “ලලිත් වීරතුංගට හා අනුෂ පැල්පිටට දැඩි දඩුවම් පනවා ඇත්තේ ඔවුන් අල්ලස් ලබාගත් නිසාවත්, දූෂනයේ යෙදුණු නිසාවත් නොව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බුදු දහම ආරක්‍ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට අදාල 9 වන වගන්තිය යටතේ ආණ්ඩුවට පැවරෙන වගකීම් ඉටුකිරීම සඳහා පන්සල් වලට සිල්රෙදි බෙදා දිමට රාජ්‍ය නායකයා විසින් දෙනු ලැබූ නියෝගයක් පිළිපැදීම නිසාය. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, ආණ්ඩුව මෙහෙයවනු ලබන්නේ ජනාධිපතිවරයාද ඇතුලත් කැබිනට් මණ්ඩලය විසිනි. රජයේ සේවකයන් විසින් සිදුකරනු ලබන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට සද්භාවයෙන් කටයුතු කිරීමයි. තමන් හොබවන තනතුර භාවිතා කර පුද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ චෝදනා නැතිනම් ජනාධිපතිවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ නීත්‍යානුකූල නියෝග ක්‍රියාත්මක කරන රජයේ සේවකයන් ආරක්‍ෂා කිරීම සෑම ආණ්ඩුවකම පොදු ප්‍රතිපත්තිය විය යුතුය’ යන්න ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් එම නිවේදනයෙන් කරුණු දක්වා තිබුනි.

මේ අනුව රාජ්‍ය සේකයන් වු හිටපු ජනාධිපති ලේකම් හා විදුලි සංදේශ කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් අනුෂ පැල්පිට නිර්දෝසි බවට නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් විත්තියේ නීතිඥවරුන් ඒ සම්බන්ධව මහාධිකරණ කරුණු පැහැදිලි කිරීම නිසා මේ දෙදෙනාට මුදලින් රුපියල් ලක්ෂයක සහ ඇපකරුවන් තිදෙනා බැගින් ඉන් එක් අයකු රාජ්‍ය සේවකයකු ඇතුළුව දඩුවම් නියම කල අංක 6 මහාධිකරණයේ විනිසුරු ගිහාන් කුලතුංග විනිශ්චයකාරවරයාම තීරණය කිරිම සමස්ථ රාජ්‍ය සේවයේ සියලු දෙනාටම යම් තරමක හෝ අස්වැසිල්ලකි.

43 views

One Comment to “කෘතහස්ත රාජ්‍ය සේවකයකු වූ ලලිත් වීරතුංගට ඈපලය උඩ ඇප ලැබීම රාජ්‍ය සේවකයන්ට යම් අස්වැසිල්ලක්…”

  1. සමන් says:

    මමත් රාජ්‍ය සේවකයෙක් තනි ඇහැට ඇඩෙනවා