කෘතිම දත් කුට්ටමක් සිරවී පුද්ගලයෙක් මරුට….

May 22, 2018 at 6:26 am | lanka C news
කෘතිම දත් කුට්ටමක් සිරවී පුද්ගලයෙක් මරුට….

කෘතීම දත් කුට්ටමක් ගලනාලයේ සිරවීමෙන් 60 හැවිරිදි එක්දරු පියෙකු දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී (20) මියගොස් තිබෙන බව වාර්තා වෙයි.

සිය කෘතීම දත් කුට්ටම උගුරේ සිරවූ බව කිසිවෙකුට හෝ නොපවසා වෙනත් අසනීපයක් ඇති බව පවසමින්  හබරණ රොහලින් ප්‍රථා කාර ගැනිමට ගිය පුද්ගලයකු  හබරණ  ප්‍රාදේශීය රෝහලට ඇතුලත්ව ප්‍රතිකාර ලබා ඇත ඔහුගේ  රෝගී තත්ත්වය උත්සන්නවීම නිසා දඹුල්ල මුලික රෝහලට පගිය  19 වෙනි දීන දඹුල්ල  රොහලට  මරුකර එවා ඇත .  දඹුල්ල රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී රෝගියා ඊයේ (20) මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයාගේ මරණය පිලිබදව දඹුල්ල රෝහලේදී  අද (21) පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මෙම පුද්ගලයාගේ ගලනාලයේ සිරවී තිබු කෘතීම දත් කුට්ටම සොයා ගැනීමට  වෛද්‍ය වරුණට හැකිවි ඇත . කෘතීම දත් කුට්ටම ගලනාලයේ සිරවීමෙන් ඇතිවූ අභ්‍යන්තර තුවාල නිසා සිදුවූ රුධිර වහනයවිමෙන් මෙම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරිකිෂණයේදි  කරුණු අනාවරණය කර ගෙන තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල-දිගම්පතන, සිම්බලාවැව ප්‍රදේශයේ පදිංචි  වයස අවුරුදු 60ක් වු පුද්ගලයෙකි. සිගිරිය පොලිසිය මරණය හා සිද්ධිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි

– මහින්ද දඹුල්ල

47 views

One Comment to “කෘතිම දත් කුට්ටමක් සිරවී පුද්ගලයෙක් මරුට….”

  1. SS says:

    අපරාදෙ, ඇයි දෙවියෝ මේ අහිංසක මිනිසුන්ට දඩුවම් කරන්නෙ රට කන යහපලන දේශපාලුවන්ට
    දඩුවම් නොකර?

Main News