කෘතීම තෙල් හිඟයක් අත ළඟ… සති අන්තයේ තෙල් බෙදාහැරීම නැවැත්වීමට තීන්දුවක්…

September 10, 2021 at 10:02 pm | lanka C news
කෘතීම තෙල් හිඟයක් අත ළඟ… සති අන්තයේ තෙල් බෙදාහැරීම නැවැත්වීමට තීන්දුවක්…

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමේ අරමුණින් සැප්තැම්බර් එකොළොස් වැනි දා සිට ඉදිරියට එළැඹෙන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් වල තෙල් බෙදා හැරීමේ සේවාවන් නවත්වා දැමීමට කටයුතු කිරීම නිසා ඉදිරියේදී කෘතිම තෙල් හිඟයක් රටපුරා ඇතිවීමේ අවදානමක් ඇතැයි ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති චෝදනා කරයි.

සාමාන්‍යයෙන් කොලන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමෙන් දිනකට තෙල් බවුසර එක්දහස් පන්සියයක් පමණ රට පුරා බෙදා හරින අතර මෙම corona වසංගත සමයේ පවා දිනකට තෙල් බවුසර් දාහක් පමණ රට පුරා බෙදා හරින බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසයි.

එලෙස දිනපතා තෙල් බවුසර් රටපුරා බෙදාහැරීම සිදු නොකළොත් රටේ කෘතිම තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව වෘත්තී සමිති පවසයි.
වරාය ගුවන්තොටුපල ආදී රටේ අඛණ්ඩව මෙහෙයුම් පවත්වා ගත යුතු මර්මස්ථාන වලට අඛණ්ඩව තෙල් සැපයීම සිදු විය යුතු බව වෘත්තිය සමිති පවසයි .

කෙසේ වෙතත් දිනපතා රටපුරා තෙල් බෙදා හැරීමේ අවශ්‍යතාවය තෙල් පර්යන්ත සමාගමේ පාළනාධිකාරියට වෘත්තීය සමිති දිගින් දිගටම පෙන්වාදී තිබේ.

එහෙත් රජයේ මූල්‍ය වියදම් කප්පාදු කිරීමේ තීරණයට මුවා වෙමින් තෙල් පර්යන්ත සමාගමේ පාළනාධිකාරිය විසින් සෙනසුරාදා සහ ඉරිදා සේවක අතිකාල දීමනා කප්පාදු කිරීමට තෙල් බෙදා හැරීම නවතා තිබේ.

මෙම අනවශ්‍ය තීන්දුව ගෙන ඉදිරි දිනවල රටේ කෘතීම තෙල් හිඟයක් ඇති කර ජනතාව අපහසුතාවට පත් නොකරන ලෙස වෘත්තීය සමිති රජයෙන් ඉල්ලයි.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති රජය, විෂය භාර ඇමතිවරයා , මුදල් ඇමතිවරයා සහ අගමැතිවරයා සමග සාකච්ඡා කිරීමේ සුදානමින් පසුවන බව වාර්තා වෙයි.

ඛණිජතෙල් වෘත්තීය සමිති නායකයන්ගේ සමාජ ජාලාවල හුවමාරු වන සටහන් කිහිපයක් මෙහි දැක්වෙයි.

 

74,167 views

13 Comments to “කෘතීම තෙල් හිඟයක් අත ළඟ… සති අන්තයේ තෙල් බෙදාහැරීම නැවැත්වීමට තීන්දුවක්…”

  1. පාවඩදෙණිය දොස්තර says:

    තෙල් ගැන පැනික් වෙන්න එපා ගොන් කරත්තයක් ගෙදරම හදා ගන්න ගොන්නු මදි පාඩුවක් කියලද හැට නම ලක්සයක් ඉන්නෙ

    • Ruhdtug says:

      Hotu peraagena vipakse evunta chande dendoo kiyala andana ekek… thawa kiyapan bayya bayya kiyala.. dennema ne thopita chande..

  2. සන්ජීවනී වීරසින්හ says:

    පෑඩ් එපා කියල ගෙනාපු ආණ්ඩුව නිසා යටට අදින් නැතුව ඉන්නයි වෙන්නෙ

    • කෝලමා says:

      ළඟදීම යට තියෙන එව්වට බදු ගහන්න ඉඩ තියෙනව , එතකොට එව්ව කොහේ හරි තැනක හංගල තියන්න වෙනවනෙ . ඉතිං යට ඇඳුං ඕන වෙන්නෙ නෑ නේ . නැද්ද හා ! .

  3. ගෞම් ඊයාරාජ් says:

    තෙල් නැතිඋනත් ඉන්න රටක් තියෙන්නෙපැයි බන්.😂😂😂

  4. සමනා says:

    තෙල්විරුවෝ

  5. Jagath says:

    පොහොට්ටුව ගිලෙන එක ශුවර් දැන් නම්

  6. Dp says:

    මේ සමිතිය ම මාසෙකට කලින් කිව්වා තෙල් තියෙන්නේ දවස් 10කට විතරයි කියලා

  7. LalithM says:

    මට තේරුමක් නැති නිසාද දන්නේ නෑ. මේ වගේ මර්මස්ථාන සේවාමුර ක්‍රමය ක්‍රියාත්මක නොකර අතිකාල වලින්ම දුවන්නේ ඇයිද කියන එක. නියමිත සේවාමුර සඳහා වැටුප මිස අතිකාල තිබිය නොහැක.මේ වෘත්තීය සමිතිවල මුදල් මිස තම රට ආයතනය ජනතාවට සේවය කියන කිසිම දෙයක් නෑ. මෙවන් වෘත්තීය සමිතිවල ක්‍රියාකාරකම්වලට ආයතනය කටයුතු කල යුතුයි. මේ ආයතනය ඉතාම ඉහල වැටුප්තල ඇති තැනක්.

    • Tharindu Darshana Jayawickrama says:

      සරලම තේරුම තමන්ගේ සාක්කුවට ගානක් එන්නේ නැත්නම් කිසිම දෙයක් කරන්න, රාජ්‍ය සේවා පද්ධතියේ කිසිම සේවකයෙක් කැමැති නෑ… රට වැටිලා තියන තැනින් ගොඩ ගන්න කැපවීමක් කරන්න කැමත්තක් නෑ 🙂

    • සන්තෝසයි says:

      බයිය, ටොයිය කියල බෙදිලා ඉන්නතාක්, ඔයා කියපු සරල දේ තේරෙන්නේ නෑ අපේ උන්ට.
      ලැබෙන වැටුපට සාධාරණව තමන්ගේ ශ්‍රමය උපරිම අයුරින් ලබා දෙනවනම්, මොකටද අතිකාල දීමනා?
      මගේ දේශපාලන පක්ෂය කුමක් උවද පවතින වාතාවරණය යටතේ ආණ්ඩුවට සහය නොදෙන ඕනම කෙනෙක්, තමන්ගේ රටට ද්‍රෝහී උනා සේ සලකමි.

  8. Sisira Samarasekara says:

    Trade Unions in these State Owned Businesses never allows anything to reduce expenses and improve Productiviety & Efficiency.
    Corporations has to run according to the wishes of trade unions. Not the Management. All these places have lot of excess staff. They work very littile and get more in ” Over time ” etc etc.
    It is high time Management introdue a ” Roster System or Shift System” limiting to the required numbers of hours to be worked by all the employees. Not the Overtime.
    End of the day, these places accumulate huge wage bill and it all addds to the losses. Workers, will gain some money. But, whole nation pays all these as the losses has to be coverd by the general public as taxes.
    It is high time management took some tough decisons and introduce new work prcetices aimed at reducing unneccessay expenses.

  9. susa says:

    kalakanni OT karanawa kiyala rate rerimanse urakanawa mun samanya dinawala hariyata wada karanawanam hodarama ati ahinsaka higannage idan tax gahala dena rupiyalatat maha unge idan podi ekatama hura kanawa rate salli kanawata munge lamainta daruwabtat hena gahanna one

Main News