කෘමීන් සහිත බාස්මතී සහල් පකිස්තානයෙන් ආනයනය කරයි.. කන්ටේනර් 40ක් හමුවේ…

October 16, 2021 at 12:40 pm | lanka C news
කෘමීන් සහිත බාස්මතී සහල් පකිස්තානයෙන් ආනයනය කරයි.. කන්ටේනර් 40ක් හමුවේ…

මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආනයනික බාස්මතී සහල් තොගයක් හඳුනාගෙන තිබේ.

පුද්ගලික ආනයනකරුවෙකු විසින් පකිස්ථානයෙන් ආනයනය කරන ලද බාස්මතී සහල් කන්ටේනර 40ක් මෙලෙස සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන ඇත.

එම සහල් තුළ කෘමීන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබුණු බවද සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

ඉන් කන්ටේනර 09ක් වත්තල ප්‍රදේශයේ ගබඩාවකට රැගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත ඒවා පරීක්ෂාකර එම ගබඩාවට මුද්‍රා තැබීමට කටයුතු කර තිබේ.

මේ ආකාරයට තවත් සහල් තොග වරායේ ඇත්දැයි සොයා බැලීමට කටයුතු කරමින් සිටී.

16,540 views

2 Comments to “කෘමීන් සහිත බාස්මතී සහල් පකිස්තානයෙන් ආනයනය කරයි.. කන්ටේනර් 40ක් හමුවේ…”

  1. Oba says:

    it should be 154 containers said to be basmati. some are said to be duty free.

  2. සහොදරය says:

    එතකොට පකිස්තාන කෘමීන් දෙන් වත්තල ගබඩාවෙන් මුලු රටට ම.
    මරු අර පොල්තෙල් ගෙනාපු මුදලාලි අවුරුදු 20කට බන්දනාගර ගත කලා වගේ මෙයාටත් එඑහෙම කරන්න ඕනේ