කෘෂිකර්මයේ මාෆියා 5 ක්….
January 5, 2021 at 6:48 pm | lanka C news
ආනයන ආර්ථිකයක් වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනඟන රටට හිතැති ගමනට බාධා කරන මාෆියාවන් 5ක් කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. වී,සහල්, එළවළු,බීජ,පොහොර යන මෙම මහා පරිමාණ මාෆියාවන් මෙරට කෘෂිකර්මයේ අනාගතය මුළුමනින්ම විනාශ කරමින් සිටින බවද කෘෂිකර්ම අමාත්‍යවරයා බතලේගොඩ වී පර්යේණ ආයතනයේ පැවති කෘෂිකර්ම උපදේශකවරුන් පුහුණු කිරීමේ වැඩමුළුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
වසර ගණනක් සිදුනොවුණු නිලධාරීන් දැනුමෙන් හා තාක්ෂණයෙන් සන්නද්ධ කරන දීපව්‍යාප්ත පුහුණු වැඩමුළු මාලාව ස්ථාන 05කදී ඊයේ 2021-01-04 ආරම්භ විය, බතලේගොඩ, අඟුණුකොළපැළැස්ස, පුලියන්කුලම, මහඉලුක්පල්ලම, බිදුණුවැව යන කෘෂි පුහුණු පාසල්වලදී පුහුණු වැඩමුළු ආරම්භ කෙරිණි. එක් මධ්‍යස්ථානයක කෘෂි උපදේශකවරුන් 250 බැගින් දිවයිනම ආවරණය වන පරිදි දහසක් පළමු අදියර යටතේ පුහුණු කෙරේ. ගොවිජන සේවා නිලධාරීන් 600ක් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් 9000ක් තවත් අදියර දෙකකින් මෙම පුහුණුවට යොමු කිරීමට සැලසුම් කර තිබේ. එක් කණ්ඩායමකට දින 25ක නේවාසික පුහුණු වැඩසටහනක් මේ යටතේ ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
නවීන තාක්ෂණය යොදා ගෙන ගොඩවගාවල වී වගාවල පළතුරු වගාව ඇතුළු වගා ක්රමල නිරෝධායන පනත, පළිබෝධනාශක පනත ඇතුළු නීති අණපනත් මෙන්ම ඩිජිටල් තාක්ෂණය පිළිබඳ විශේෂ දැනුමක් පුහුණු වැඩමුළුවේදී ලබාදීමට පියවර ගෙන තිබේ. මෙම වැඩමුළුවෙන් ලබාගන්නා දැනුම කෘෂි උපදේශකවරුන්, ගොවිජන නිලධාරීන්ල කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් මඟින් ගොවියාට ගෙන යාම මෙහි ප්රමුඛ අරමුණයි.
පුහුණු වැඩමුළුවේදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා, සෞභාග්‍යයේ දැක්මේ කෘෂිකර්මයට සුවිශේෂී තැනක් දීලා තියෙනවා. ජනාධිපතිතුමාගේ අරමුණ මෙරට නිෂ්පාදන ආර්ථිකයක් හදලා ආනයන ආර්ථිකය මුළුමනින්ම නතර කිරීම. 40% ක් සෘජුව මෙරට කෘෂිකර්මයේ නිරතවෙනවා. 30%ක් වක්‍රව කෘෂිකර්මයේ නිරතවෙනවා. කොවිඩ් තත්ත්වය එක්ක අද රටේ සෘජුව හා වක්‍රව 75% ක් කෘෂිකර්මයේ නිරත බව වාර්තා වෙනවා. ඒ නිසයි තාක්ෂණයෙන් ගොවියා සන්නද්ධ කිරීම අනිවාර්ය වෙලා තියෙන්නේ. මෙරටට කෘෂිකර්මයේ තාක්ෂණය හා පර්යේෂණ එංගලන්තයට සමාන මට්ටමේ තියෙනවා. ඒත් ගොවියා තාමත් ඉන්නේ වසර 100ක් පැරණි සාම්ප්‍රදායික කෘෂිකර්මයේ. දැනුම තාක්ෂණය ගමට යන්නේ නෑ. කෘෂිකර්ම උපදේශකට ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉඩක් නැහැ. කෘෂිකර්ම උපදේශකල ගොවිජන නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන් එකට එකතුවෙලා වැඩකරන්නේ නෑ. ගොවියාට දැනුම යන්නේ නෑ. ඒ නිසා අපි මධ්‍යම ආණ්ඩුවල පළාත් සභාවල අනෙකුත් ආයතන සියල්ල එකට එකතුවෙලා වැඩ කරන්න අවශ්‍ය සම්බන්ධීකරණය කරලා අවසන්. මේ පුහුණුවෙන් කරන්නෙත් ඒක. මේ රටේ කෘෂිකර්මය ඇතුලේ මාෆියාවන් 05ක් ක්‍රියාත්මක වෙනවා. කිරි ගෙන්වීමේදී නවසීලන්තයේ දෙවැනි ගැනුම්කරුවා ලංකාව. කාබනික පොහොරවලට වඩා රසායනික පොහොර ආනයනයේදී කොමිස් ලැබෙනවා වැඩියි. රටේ බීජවලින් වැඩි ප්‍රමාණයක් ආනයනය කරනවා තාමත්. 100%ක් වියළි මිරිස් ගේන්නේ පිටරටින්. ඒ තුළින් කොමිස් වැඩි නිසා නිෂ්පාදනයට වඩා ආනයනයට ගොඩක් අය කැමතියි. යූරියා භාවිතය වැඩි වෙලා නොරොච්චෝලේ නිල් දරුවන් උපදිනවා. මාසයකට ඇස් නොපෙනෙන දරුවෝ 30ක් උපදිනවා කියලා වෛද්‍යවරු කියනවා. වකුගඩු , පිළිකා රෝගීන් දිනෙන් දින වැඩිවෙනවා. ඒත් රසායනික පොහොර ගෙන්වනවා. පසුගිය වසරේ පරීක්ෂණාගාර වාර්තා 55ක් වෙනස්කරලා බිලියන 1.5ක් බාල පොහොර ගෙන්වලා තියෙනවා ඒක විගණකාධිපති වාර්තාවෙන් හෙලිවෙලා තියෙනවා. ඊට සම්බන්ධ 7ක්ම මම ගෙදර යැව්වා ඒ වාර්තා වෙනස් කරපු. හිටපු පොහොර සභාපතිට නීතිමය ක්‍රියාමාර්. ගත්තා. වසවිස කන්න දීලා දැන දැන මිනිස්සු මරන රටක් වෙලා මේක. ඒ නිසා මේ වසරේ පොහොර දෙන්නේ පස පරීක්ෂා කරලා අවශ්‍ය පරිදි. ඒ සඳහා පස් පරීක්ෂා කිරීමේ කට්ටල සෑම ගොවිජන සේවා මධ්‍යස්ථානයකටම ලබාදීමට පියවර අරගෙන තියෙනවා. සෑම ගොවියෙකුටම තමන්ගේ ඉඩමේ පස් පරීක්ෂා කිරීමේ වාර්තාව අපි දෙනවා. දෙන්න පුළුවන් සියලු දැනුමල පහසුකම්, ප්‍රතිපාදන දෙනවා. ගමට තාක්ෂණය ගෙනියන්න නිලධාරීවාදය, කඹ ඇදිල්ල, ජාතිභේදල තරාතිරම පැත්තකට දාල ගොවියා දැනුමෙන් තාක්ෂණයෙන් සන්නද්ධකරන්න එකම පවුලක් ලෙස සියලුදෙනා වැඩ කරන්න” යනුවෙන් අමාත්‍යවරයා පුහුණු වැඩමුළුවට එක්වු කෘෂිකර්ම උපදේක නිලධාරීන් අමතමින් ප්‍රකාශ කළේයග කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්එ.ම්ඩ.බ්. වීරකෝන් මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.
– සුජිත් විතානපතිරණ
මේකත් යහපාලනයේ හරි JR ගේ ව්‍යවස්ථාවේ හරි 1989 භීෂණයේ හරි වරදක්ද?
අවුරුදු විසිපහක් (25) ශ්‍රීලංකා නිදහස් පක්ෂේ කෘෂිකර්ම ඇමතියෙක් නේද මේ රටේ හිටියේ? ඉස්සරහට වත් විසඳුමක් තියෙනවද?
තොල්බරිස් හිතලා තියෙන්නේ පහුගිය දශක දෙකකට ආසන්න කාලයක් රට පාලනය කලේ පිටසක්වල ජිවීන් කියලා. එකපාරටම හිනෙං බය වෙලා නැගිටලා , මෙන්න මාෆීයා කියලා තප්පුලනවා ! ඔය මාෆීයා රන් කරන බොහොමයක් දේශපාලන හෙංචයියො , උන්ට විරුද්ධව කිසිම දෙයක් කරන්නෙත් නෑ , කරන්නත් බෑ ! කෛයය ගගහා හිටපල්ලා තව අවුරුදු තුනහමාරක් , ඊට පස්සේ කියහල්ලා,කොවිඩ්19 හින්දා රට කරන්න බැරි උනා ,රට ගොඩදාන්න බේරගන්න ඉතුරු පහත් දෙන්න කියල.😂😂
මහ බැංකු මංකොලය,පාස්කු ප්‍රහාරය ගැන අමතක වි ඇත.
ඇත්තටම කෘෂිකරමයෙ මාෆියා 7ක් ක්‍රියාත්මකයි. ඔය කියපු 5ට අමතරව, කෘෂිරසායන සමාගම් වල සල්ලි වලින් ඉහල උපාධි ලබා ගත්ත විශ්ව විද්‍යාල වල කෘෂිකර්ම ආචාර්ය මහාචාර්ය වරු, ඒ වගේම කෘෂිරසායන සහ වෙළඳ සමාගම් වලින් නඩත්තුවෙන, ජාත්‍යන්තර සංවිධාන වලින් ලබා දෙන රට සවාරි වලට සහ මෙරට සවාරි වලදි ලැබෙන ගමන් දීමනා බලාගෙන වැඩ (නො)කරන කෘෂිකර්ම ආයතන වල ඉහල නිලධාරි. මේ මාෆියා වලට බැරිවුනා අවුරුදු 1 හමාරක් යනකන් සේනා දළඹුවාට මොකුත් කරන්න…!
Owa apita ahala epa wela tiyenne..mekath me anduwa kana ekek
කෘෂිකර්මය තුළ ක්‍රියාත්මක බව කියන මාෆියාවන් 5 තොපිට පාලනය කරන්න බැරි ඔය ඇමැතිකම බල්ලට දාපිය. හැම පොල් බූරුවෙක්ම අද ඇමැතිලා, කට තිබෙන පලියට ඇමැතිකම් කරන්න බෑ, මොලේ තිබෙන්න ඕනේ.
මම ආණමඩුවේ වත්තක් කරනවා අවු 5ක් වෙනවා මම කිසිම ආධාරයක් ආණ්ඩුවෙන් අරගෙන නැහැ. අනවශ්‍ය නිසා නෙවෙයි ගොවිජන එකට ගිහින් කාලය කන්න බැරි නිසා. මේ ලගදි එතනට අපේ වත්තේ එක්කෙනෙක් යැව්වා පොහොර තියෙනවද බලන්න එතකොට තිබුනලු දැන්වීමක් පොල් වතු තියෙන අයට ලියාපදිංචි වෙන්න කියලා ආධාර, දැනුම් සහ කාබනික පොහොර සහන මිලට ලබාගැනීමට. ලියාපදිංචි වෙන්න ඇතුලට ගියාම ඒ අදාළ මහත්තයා නැහැ. එයාව හම්බවෙන්න සදුදා එන්න කීවලු. මම කිව්වා මේ වෙනකන් මම කාලෙ නාස්ති කරලා නැහැ ආණ්ඩුවේ කන්තොරු ගානෙ ආධාර ඉල්ලලා, ඒ නිසා ඉදිරියටත් කාලෙ කන්න ඕන නැහැ කියලා. මේ අවු 5ට මගේ වත්තට ඔය එක නිළධාරියක්වත් ඇවිල්ලා නැහැ. මේ නිළධාරි කන්තෝරුවෙත් නැහැ. ඔය ප්‍රශ්නෙට තියෙන්නේ එක උත්තරයයි. ඔය AI සහ ගොවිජන සේවා නිළධාරින්ගෙන් වැඩගන්න නම් කරන්න ඕනෙ එක දෙයයි. AI ට සහ ගොවිජන සේවා නිළධාරිට අයත්වන රාජකාරි සීමාව තුල තියෙන සැම ගමකටම දාන්න ඕන පොතක්, දිනයක් නියම කරන්න ඕන මාසයකට එක දිනයක් එක ගමකට. එදාට ගමේ අයට තියෙන ප්‍රශ්න සාකච්ඡාකරන්න ඕන. දෙන ආධාර සහ අනෙකුත් සියලුම දේවල් ගැන. ෆෝම් පුරවන්න කන්තෝරු ගානෙ ගොවියො රස්තියාදු කරන්න ඕන නැහැ එතකොට. අර කියපු පොතට අත්සන් ගන්න ඕනෙ පැමිණෙන සියලුම දෙනා. අමතර පොතක ගමේ ගොවි සමිතියෙ තුන්දෙනෙකුගෙන් අත්සන් ගන්න ඕන AI සහ ගොවිජන සේවා නිළධාරි පැමිණිය බවට. එම පොත වසමේ ප්‍රධාන නිලධාරියා පරීක්ෂාකර අනුමත කරන්න ඕන AI සහ ගොවිජන සේවා නිළධාරි තමන්ගේ සේවා ගමන් සහ රාජකාරි නියමිත පරිදි කර ඇති බවට.