කෘෂිකර්මය අලුත් කරන්න කෝටි 850ක නව ව්‍යාපෘතියක්…
November 25, 2016 at 2:05 am | lanka C news
කෘෂිකර්ම ක්ෂේත්රයේ නවීකරණය වෙනුවෙන් වන රුපියල් කෝටි 850කට (ඇ.ඩො.මි. 58) අධික වටිනාකමකින් යුතු නව ව්‍යාපෘතියක් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය සහ ලෝක බැංකුව එක්ව දියත් කෙරේ.
මෙහි නිළ හදුන්වාදීමේ වැඩසටහන ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ව්‍යාපෘති ප්‍රධානී උල්රිච් ස්මිත් සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ඉංජි. බන්දුල වික්‍රමාරච්චි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ දී පැවැත්විණි.
මෙම වැඩසටහන වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා කියා සිටියේ, වසර 2020 දී මෙරට අපනයන ආදායම දෙගුණයක් කිරීමේ අරමුණින් ස්ථාපිත කරනු ලැබූ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය යටතේ කෘෂි අධිකලාප 23ක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවයි. එසේම, මෙරට ධීවර කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ධීවර අධිකලාප 10ක් අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ස්ථාපිත කිරීමට අපේක්ෂා කරන බව ද එම පණිවිඩයේ සදහන් විය.
මෙම වසර අවසන් වීමට පෙර මෙම කෘෂිකර්ම ක්ෂේත්රයේ නවීකරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සදහන් කළ දයා ගමගේ මහතා වැඩිදුරටත් දන්වා සිටියේ, මෙරට ජනගහණයෙන් 31%ක් නිරත වන ක්ෂේත්රයක් වන කෘෂිකාර්මික ක්ෂේත්රය මගින් උපයා ගන්නා ආදායම දළ දේශීය ආදායමෙන් 18%ක් පමණ වන බව ද එම ප්‍රමාණය ඉහළ නැංවීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි.
මෙහිදී, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ව්‍යාපෘති ප්‍රධානී උල්රිච් ස්මිත් සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ඉංජි. බන්දුල වික්‍රමාරච්චි මහත්වරුන් ද අදහස් දැක්වීය.
මෙම අවස්ථාවට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
– භාරත තෙන්නකෝන්