කෘෂිකර්මෙට ගත් සබීතාගේ බිල්ඩිමේ කාමර වෙන්න කරන්න දාහතර කෝටියයි.. මාසික කුලිය දෙකෝටි හතලිස් ලක්ෂයයි..
May 27, 2017 at 3:50 pm | lanka C news
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මාසික දොකෝටි හතලිස් ලක්ෂයක කුලී මුදලට ගෙන ඇති රාජගිරියේ ගොඩනැඟිල්ලේ කාමර වෙන් කිරීමට රුපියල් දාහතර කෝටි දාහතර කා්ටියක මුදලක් වැය කර තිබේ.
ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ ලේඛණයක මේ බව දැක්වෙයි.
එහි කාමර වෙන්කිරීම, ගෘහ භාණ්ඩ හා කාර්යාලයීය උපකරණ මිලදී ගැනීමට වැය කර ඇති මුදල රුපියල් දාහතර කෝටි දාහතර ලක්ෂ විසිහය දහසක් බවද එහි සදහන්ය.
මෙම ගොඩනැගිල්ල ප්රවිණ සිනමා නිලි සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් වූවකි.